පකිස්ථානය ලෝඩ්ස් පිටිය සරසයි…

සංචාරක පකිස්ථාන කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ පැවති පළමු ටේසට් තරගයෙන් ලකුණු 75 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඊයේ (17 ) පකිස්තානු කණ්ඩායම සමත් වුනේය.

Lods victori - pakistanදෙපිලටම විවෘත විශිෂ්ට තරගකාරී රටාවකින් පැවති මෙම තරගය පසුගිය 14 වැනිදා ආරම්භ විිනි. මුලින්ම පන්දුවට පහර දුන් පකිස්ථානු කණ්ඩායම පන්දු ඕවර 99.2 ක දී ලකුණු 339 සියල්ලෝම දැවී ගියහ. ලෝඩ්ස් පිටියේ අමත නොවන පිතිකරණයක යෙදුණු පකිස්ථානු කණ්ඩායමේ මිෂාබ් උල් හක් ලකුණු 114 ලබා ගත්තේය. ඊට හතරේ පහර 18 ඇතුළත් වූයේය. ඔහුට සහය වෙමින් අසාෆ් සාෆික් හතරේ පහර 17 ක් සමග ලකුණු 73 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ සී.ආර්. වෝකර්ස් ලකුණු 70 කඩුළු 6 බිද හෙලුවේය. ස්ටුවට් බ්‍රෝඩ් ලකුණු 71 ට කඩුළු 3 ලබා ගත්තේය.  ටී.ජේ බෙල් ලකුණු 51 ට එක කඩුල්ලක් බිද හෙලුවේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 272 ට සියල්ලෝම දැවී ගියහ. ආරම්භක පිතිකරු අලෙස්ටෙයාර් කුක් ලකුණු 81 ලබා ගත්තේය. ජෙ.ඊ රූට් ලකුණු 48 ක් ද පන්දු යැවීමේදී විශිෂ්ට දස්කම් පෑ සී.ආර්.වෝකර්ස් නොදැවී ලකුණු 35 ක් ද කණ්ඩායමට එක් කළහ. පන්දු යැවීමේදී ලෝඩ්ස් පිටියේ සිය අණසක පතුරවනු ලැබූ යෂීර් ෂා ලකුණු 72 ට කඩුලු 6 බිද හෙලුවේය. මොහමඩ් අමීර්, රහාට් අලී, වහාබ් රියාස් එක් කඩුල්ල බැගින් වාර්තා කළහ.

දෙවැනි ඉනිම ආරම්භ කළ පකිස්ථානය ඕවර 79.1 තුළ ලකුණු 215 ට සියල්ලෝම දැවී ගියහ. අසාඩ් සෆීක් ලකුණු 49 ක් ලබා ගත්තේය. නැවතත් තරගය තමන්ගේ තරගයක් කරගත් සී.ආර් වෝර්කස් ලකුණු 32 කඩුලු 5 බිද හෙලුවේය. ජයග්‍රාහී ඉලක්කය ලෙස එංගලන්තය අභිමුව තිබුණේ අත්පත් කරගත හැකි ලකුණු ගණනක් වූ ලකුණු 283 ක් පමණි.

එහෙත් ලකුණු 283 හඹා ගිය එංගලන්ත කණ්ඩායම ලකුණු 207 කට සීමා කර ලකුණු 75 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත් වූයේය. එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ  ජේ.එම් බ්‍රිස්ටෝව් ලකුණු 48 ලබා ගත්තේය. පන්දු යැවීමේදී යෂීර් ෂා ලකුණු 69 ට කඩුලු 4 ක්ද, රහාට් අලි ලකුණු 47 කඩුලු 3 ක් ද, මොහමඩ් අමීර් ලකුණු 39 කඩුලු 2 ක් ද වහාබ් රියාස් ලකුණු 46 එක කඩුල්ලක් ද ලබා ගත්හ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.