බංග්ලාදේශයට යහපාලනයෙන් ක්‍රිකට් ජය………

bangladesh-cricket-teamබංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම තුළ සිදු කරන ලද ‘සංස්කෘතිමය වෙනස’ ජයග්‍රහණවලට ළඟා වීමට බොහෝ සෙයින් බලපෑ බව බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන චන්දික හතුරුසිංහ ඒ බව කියා සිටියේ සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමිනි.

“මම වසර දෙකක පමණ සිට මේ කණ්ඩායම සමග කටයුතු කරනවා. මම දැක්ක පළමු දේ තමයි කණ්ඩායමක් වශයෙන් සෙල්ලම් කරන්නේ කොහොමද කියන දේ ගැන සංස්කෘතියක් ඔවුන්ට තිබුණේ නැහැ.”

එංගලන්තයට එරෙහිව බංගලාදේශ කණ්ඩායමේ පළමු ටෙස්ට් ජයග්‍රහණය

“ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඒ තත්වය වෙනස් කරන්න අපි කටයුතු කළා. තාක්ෂණික සහ මානසික වශයෙන් කණ්ඩායම දියුණු කරන්නත් කටයුතු කළා. ඒ නිසා තමයි කණ්ඩායම තුළ මෙවැනි දියුණුවක් දකින්න ලැබෙන්නේ,”

දක්ෂතාවලින් පිරිපුන් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප්නංවා කණ්ඩායමක් වශයෙන් ජයග්‍රහණ කරා ළඟා වීම ඔවුන්ගේ අවධානයට ලක් කළ බවත් පුහුණුකරු චන්දික හතුරුසිංහ කියා සිටියේය.

“මම පුහුණුකරු ධුරය බාර ගන්න විට ඔවුන් සතුව හිටියා හොඳම තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා. නමුත් මම chandika-hathurusingha-1බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අහපු පළමු ප්‍රශ්නය තමයි, ඔබට අවශ්‍ය ලෝකේ ඉන්න හොඳම තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා නිර්මාණය කිරීමද?, නැතිනම් කණ්ඩායමක් වශයෙන් ඉදිරියට යන එකද? කියන කාරණය,”

එහිදී කණ්ඩායමක් වශයෙන් ඉදිරියට යා යුතු බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේත් අදහස් වූ බව පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කළේය.

එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී තමා කලක් ක්‍රීඩා කළ කණ්ඩායමට එරෙහිව වෙනත් කණ්ඩායමක පුහුණුකරුවකු වශයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේ චන්දික හතුරුසිංහ කියා සිටියේ ‘මගේ වෘත්තීය කරනවා කියන කරණය තමයි මට හැඟෙන්නේ’ යනුවෙනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.