මහත්වරුන්ගේ ක්‍රීඩාවේ අපත ගේම්… ඩිල්ෂාන් යළිත් කතා කරයි…

dilshan2ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ කළමණාකරුවන් කියන පිරිස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් හැසිරිය යුතු බව තිලකරත්න ඩිල්ෂාන් පවසයි. 10% ගානේ කළමනාකරුවන් ගන්නවා. සමහර කළමණාකරුවන්ට ක‍්‍රීඩකයන් පහක් හයක් ඉන්නවා. ඔවුන් ක‍්‍රීඩකයන්ට වැඩිය ගාණක් හොයනවා. බිග් බෑෂ්, අයි.පී.එල්. සහ වෙළෙද දැන්වීම් ඔස්සේ ක‍්‍රීඩකයන්ට ලැබෙන මුදලින් 10% ක් කළමණකාරුට යනවා. ඒවා නවත්වන්න ක‍්‍රිකට් ආයතනය කටයුතු කළොත් විශාල මුදලක් ලැබෙනවා.  යැයි තිලකරත්න  ඩිල්ෂාන් කියයි.

අපේ ක්‍රිකට් ඇතුළේ ඇති  අපට නොපෙනෙන අපත  ගේම් පිළිබදව  තිලකරත්න ඩිල්ෂාන් නැවත වරක් ස්වකීය මාධ්‍ය සගයන් අමතා එසේ කියා තිබුණේය.
සනත් ජයසූරියට සමුගැනීමේ තරගයක් ලබාදුන්නේ මගේ නායකත්වයෙන්… එංගලන්ත සංචාරයේදී තේරීම් කමිටු සභාපතිවරයා මට කතා කරලා කිවුවා පෞද්ගලික හේතුවක් මත   එම සංචාරයෙන් ඉවත් වන දන්වමින් ඉවත්වෙන ලෙසට . පස්සේ ලිඛිතව එම ඉවත්වීම සම්බන්ධයෙන් තේරීම් කමිටුව මගෙන් ලිපියක් ඉල්ලුවා. මට ප‍්‍රශ්න ඇතිකරගෙන වේදනාවෙන් සමුගන්නවාට වඩා ඉල්ලන ලිපිය දුන්නා.’

මේ සියල්ල අතර තිලකරත්න ඩිල්ෂාන් සනත් ජයසූරියට නොකියා කියා තිබුණේ තමන්ට කෙනහිලිකම් කළ මුත් ක්‍රිකට් වලින් මහත්මයෙක් ලෙස ඉවත් වන්නට සනත්ට අවස්ථාව ලබා දුන්නේ තමන් බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.