මෙසී හා රොනාල්ඩෝ අතර තරගය තියුණු වේ

LCයුරෝපයේ පාපන්දු සම්මේලනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලොව හොඳම යුරෝපීය පාපන්දු ක‍්‍රීඩකයා තේරීමේ තරගයේදී ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සහ පෘතුගාලයේ ක‍්‍රිස්ටියානො රොනාල්ඩෝ අතර තියුණු තරගයක් නිර්මාණය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය 2015 වසරේදී යූරෝපීය හොඳම පාපන්දු ශූරයා ලෙස ලයනල් මෙසී සම්මාන දිනා ගත් අතර ඊට පෙර 2014 දී එම සම්මානය ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් දිනා ගන්නා ලදී.

යුරෝපා පාපන්දු  සම්මේලනයට අයත් සංගම් 55 ක එකමුතුවක් මගින් අදාළ සම්මාන උළෙල පවත්වනු ලබන අතර ඒ සඳහා මේ වන විට හොඳම දහදෙනෙක්ද නම් කර තිබේ. ඒ අතරට වේලසයේ, ඉතාලිය, ප‍්‍රංශය සහ උරුගුවේ ජාතික ක‍්‍රීඩකයන්ද ඇතුළත් වේ.

ලබන අගෝස්තු මස පස්වැනිදාට පෙර ලොව හොඳම පාපන්දු ක‍්‍රීඩකයන් පස්දෙනකු නම් කළයුතු අතර අනතුරුව හොඳම පාපන්දු ක‍්‍රීඩකයා සම්මාන උළෙලේදී ප‍්‍රකාශයට පත්කරනු ලබයි. පසුගිය මාස කිහිපයේදී දැක්වූ දක්‍ෂතා සැලකිල්ලට ගෙන මෙම සම්මානය සඳහා ක‍්‍රීඩකයන් නිර්දේශ කරනු ලබයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.