රුසියාවට රියෝ ඔලිම්පික් තහනම්…

Russia Rio22016 රියෝ ඔලිම්පික් උළෙලට රුසියානු ජවන සහ පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අර්බුද නිරවුල් කිරීමේ ස්විස්ටර්ලන්ත අධිකරණය  නියෝගයක් නිකුත් කළේය.

රුසියානු රජයේ අනුග්‍රහයෙන් එරට මළල ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ තහනම් උත්තෙජක භාවිත කළබවට එල්ල වූ චෝදනා තහවුරු කරමින් මේ අධිකරණ නියෝගය නිකුත් වී තිබේ.

මීට අමතරව ජාත්‍යන්තර ක්‍රීඩා පාලක මණ්ඩලය විසින් රුසියානු මලල ක්‍රීඩා සම්මේලනය අත්හිටුවීමට ද පියවර ගෙන ඇත. රුසියාවේ මලල ක්‍රීඩකයන් 68 දෙනෙක් තහනම් උත්තේජක භාවිත චෝදනාවලට ලක්ව  තරග තහනමකට ලක් කර තිබිණි. රුසියානු ඔලිම්පික් කමිටුව එම තහනමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළේය.

ක්‍රීඩා අර්බුද නිරවුල් කිරීමේ ස්විස්ටර්ලන්ත උසාවිය එම අභියාචනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඔවුන්ට පනවා ඇති තහනම දිගටම ක්‍රියාත්මක කරන බවයි. ඊට අමතරව රුසියානු මලල ක්‍රීඩකයන් රාජ්‍ය අනුග්‍රහයෙන් තහනම් උත්තේජක ලබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන ස්වාධීන පරීක්ෂණයේ දෙවන කොටස සැලකිල්ලට ගෙන රුසියාවේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් තහනම් කිරීමට සලකා බැලීම් සිදු කරන බවයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.