ලංකාවේ ක‍්‍රීඩකයින් 13ක් බී.පී.එල්. එකේ

bplමෙවර තරගාවලියට අදාළ කණ්ඩායම් නාම ලේඛනය කෙටුම්පත් කිරීමේ කටයුතු පසුගිය සතියේ පැවැති අතර ඒ අනුව ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් 13 දෙනකුද 2016 වසරේ බී.පී.එල්. ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිතය.

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, සීක්කුගේ ප්‍රසන්න, දිල්ෂාන් මුණවීර, චතුරංග ද සිල්වා, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, දසුන් ශානක, සචිත්‍ර සේනානායක, ගිහාන් රූපසිංහ, මිලින්ද සිරිවර්ධන හා උපුල් තරංග මේ අතර වෙයි.

බැරිසල් බුල්ස්, චිතගොං වයිකිංස්, කොමිල වික්ටෝරියන්ස්, ඩකා ඩයිනමයිට්ස්, කුල්නා ටයිටන්ස්, රංග්පූර් රයිඩර්ස් හා රාජ්ශාහි කිංස් යන කණ්ඩායම් 7 මෙවර තරගාවලියේදී බී.පී.එල්. විස්සයි-20 තරග බිමට පිවිසෙනු ඇත.

ශ්‍රී ලංකා, සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් 14දා හරාරේ නගරයේදී ආරම්භ වීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.