සංගා, මහේල, මැතිවුස් තමන්ට දුන්නු ගේම ගැන ඩිල්ෂාන් කතා කරයි…

Dilshan1තිලකරත්න ඩිල්ෂාන් ජාත්‍යාන්තර ක්‍රිකට් දිවියෙන් සමුගත්තේය. සමුගත් දාට පසුදා ( 29 ) ඩිල්ෂාන් මාධ්‍යයට කතා කළේය. හිතේ පැසවමින් තිබුණු දේවල් ටිකක් එතැනදී ඩිල්ෂාන් ගේ මුවින් පිටවිය. ඔහු තමන් නායකත්වය දැරූ මාස 10 තුළ විදපු වේදනාව මධ්‍ය ඉදිරියේ මුදා හැරියේ මෙසේය. ඔහුට කණ්ඩායමේ ක්‍රිඩකයන් පිළිබද චෝදනා තිබිණි. නායකත්වය ලැබීමෙන් අනතුරුව කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ගෙන් තමන්ට කිසිම සහනයක් නොලැබීමත්, තමන්ව නායකත්වයෙන් ඉවත් කළ ආකාරය පිළිබද වේදනාවත් ඩිල්ෂාන් කීවේය.

ඩිල්ෂාන් බරපතලම චෝදනාව එල්ල කරන්නෙ ඇන්ජලෝ මැතිවුස් ටය. කුමාර් සංගක්කාර, මහේල ජවර්ධන මේ චෝදනාවලට වක්‍රව ලක්ව සිටියේය. ඔහු කියූ කතාව මෙසේය.

මා නායකත්වය ඉල්ලුවේ නැහැ. නමුත් ශ්‍රීලංකා ක්‍රිකට් සභාපති වෙන කවුරුන් හෝ සොයාගන්නා තුරු මට මාස 6කට නායකත්වය භාරගන්න යැයි කීවා.අවසානාවකට මේ සමයේ අපගේ ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනෙක් අහිමි වුනා.මුරලි ක්‍රීඩාවෙන් සමුගත්තා නුවන් කුලසේකර ආබාධයට ලක්වුණා මට හොඳ පන්දු යවන්නන් ඒ සමයේ හිටියේ නැහැ

ඇන්ජලෝටත් ඒ සමයේ ආබාධයක් තිබුණා.ඔහුට අවුරුද්දක පමණ කාලයක් පන්දු යැවීමට නොහැකි වුනේ මගේ අවාසනාව නිසා වෙන්න ඇති.කෙසේ වෙතත් මම නායකත්වයෙන් ඉවත් වීමත් සමග අප ඔස්ට්‍රේලියාවේ සංචාරයක එක්වුණා.මෙම තරඟාවලියේ නායකත්වය ගනු ලැබුවේ මහේල.මහේලගේ වාසනාවක් නිසාදෝ මම සමුගත් විටම මැතිව්ස්ට පන්දු යැවීමට හැකි වුණා.

දකුණු අප්‍රිකා සංචාරයෙන් පසුව මා නායකත්වයෙන් ඉවත් වුනා. පසුව අපි ඕස්ට්‍රේලියා සංචාරයට ගියා.එම තරඟාවලියේ ලකුණු 500 වඩා ලබාගෙන මම තරඟාවලියේ වීරයා වුණා. මට වෙන කිසිම දෙයක් වැදගත් නැහැ.මට රට පමණයි වැදගත්. නමුත් නායකත්වය දැරූ සමයේ සිදුවීම් මාගේ සිත් රිද වූවා.

එංගලන්ත සංචාරයේ ලොඩ්ස් පිටියේ පැවති ටෙස්ට් තරඟයේදී මා ආබාධයකට ලක්වුණා. පන්දුවක් වැදී මාගේ ඇගිල්ලක් බිඳී ගියා. ඒ තරගයේ මං ලකුණු 192 ලබා ගත්තා.  ඉතිරි තරඟ වලට නායකත්වය භාරගැන්නැයි හිටපු නායකන්ගෙන් ඉල්ලීමක් කළත් ඔවුන් එයට කැමති වූයේ නැහැ. පසුව නායකත්වය භාර කළේ තිළිණ කන්ඩම්බිටයි.කොහොම වුණත් අතීතය ගැන කතා කොට දැන් පළක් නැහැ.

මා නාකත්වය දරණ සමයේ බොහෝ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදුන්නා. ඔවුන් දැන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරමින් තරඟ දිනවන ක්‍රීඩකයන් බවට පත්වෙලා තිබෙනවා. හොඳම උදාහරණය දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයින්.

මා මෙම තරඟවලිය ආරම්භ වීමට පෙර සමුගැනීමක් පිළිබඳ තීරණය කොට තිබුනේ නැහැ. මට තව අවුරුද්දක් හෝ දෙකක් පහුසවෙන් ක්‍රීඩා කරන්න පුලුවනි. මට ක්‍රීඩා කරන්න පුලුවනිද බැරිද යන්න කිසිවෙකු කියන දේවල් මට වැදගත් නැහැ. මට වැදගත් මට දැනෙන දෙයයි.නමුත්25 වනදා උදේ අවදි වුවාට පසුව දැන් සමුගැනීමට වෙලාවයි කියා මා තීරනය කළා…යැයි ඩිල්ෂාන් පැවසුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.