සිම්බාබ්වේ සංචාරයේ එක්දින නායකත්වය උපුල් තරංගට

Upul Tharangaසිම්බාබ්වේ සංචාරයේ එක් දින තරඟ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග ද කණ්ඩායමේ උප නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා නම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් පාලක කමිටුව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් පාලක කමිටුව නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන පරිදි සිම්බාබ්වේ සංචාරය සඳහා කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක ලෙස දිනේෂ් චන්දිමාල් පත්කර තිබුනද ඔවුන්ගේ ඇතිවී ඇති ආබාධිත තත්ත්වයක් මත සිම්බාබ්වේ සංචාරය සඳහා ඔවුන් සහභාගී නොවන බැවින් තේරීම් පාලක කමිටුව මෙම තීරණය ගත බවයි.

මෙම තරගාවලිය සඳහා නම් කොට ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය

ධනංජය ද සිල්වා
කුසල් ජනිත් පෙරේරා
නිරෝෂන් දික්වැල්ල
උපුල් තරංග – නායක
කුසල් මෙන්ඩිස්
ෂෙහාන් ජයසූරිය
අසේල ගුණරත්න
සචිත් පතිරණ
නුවන් කුලසේකර
දසුන් ශානක
නුවන් ප්‍රදීප්
ලහිරු කුමාර
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ලහිරු කුමාර
සුරංග ලක්මාල්
ලක්ෂාන් සඳකැන්
ජෙෆ්රි වැන්ඩර්සේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.