උණු වතුර හළා කිරි සප්පයා පුච්චලා… පුංචි අම්මා අත්අඩංගුවට…

පුලුස්සා ඇති දරු පැටියා...
පුලුස්සා ඇති දරු පැටියා…

වයස අවුරුදු හතක් වන පිරිමි දරුවකු උතුරන වතුර වත්කොට පිළිස්සූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දරුවාගේ පුංචි අම්මා සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ   වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත .

මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ මස්කෙලිය ස්ටැම්ෆි වතුයායේ පදිංචි රාජමනි කෝමලි නැමැති විසි අට හැවිරිදි එක්දරු මවකි.child-1

දරුවාගේ මව සහ පියා නීත්‍යානුකූලව දික්කසාද වී ඇති අතර පියා නැවත විවාහයක් සිදුකරගෙන ඇති අතර දරුවා පුළුස්සා ඇත්තේ දෙවන විවාහක බිරිද බව පොලිස් පරික්ෂණවලදී අනාවරණ ය වී ඇත.  මෙම දරුවා සිය පියා සමග වාසය කර ඇත. රාජමනී කෝමලී නැමැත්තිය නිතර නිතර මෙම දරුවාට බැණ වදින බවත් පහර දෙන බවත් ප්‍රදේශවාසින් පොලිසියට දන්වා ඇත. ඒ අනුව මස්කෙලිය පොලිසිය විසින් ඉකුත් සැප්තැම්බර් පස් වැනි දින දරුවාගේ පුංචි අම්මා අත් අඩංගුවට ගෙන තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.