ඓතිහාසික වේගිරි කන්දේ නිධන් හොරු කොටු වේ…

arrested55මහනුවර උඩුනුවර වේගිරි කන්දේ පුරා විද්‍යාත්මක විටිනාකමින් යුත් ‍ඓතිහාසික ගල් ගුහාවක නිදන් හාරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු දවුලගල පොලිසිය විසින්   අත් අඩංගුවට ගනුලැබ ඇත.

ගම්පල හා වෙලම්බඩ ප්‍රදේශවල  පදිංචි සැකකරුවන් අතර  යුද හමුදාවෙන් ඉවත් වු පුද්ගලයෙකුද සිටින බව පොලිසිය පවසයි.

වේගිරිය ග්‍රාමයේ පදිංචිකරුවන්ට  මිට මාසකට පමණ පෙරසිට ගල්වෙඩි දමන ශබ්දයක් ඇසිම නිසා ඔවුන් ඒබව  දවුලගල පොලිසියට දැනුම්දී ඇත.පොලිස් නිලධාරින් එහිගොස්  පරීක්ෂණ සිදුකළද සැකක‍ටයුතු කිසිවකුත් එවර හමුවී නැත.

අදාළ ප්‍රදේශයේ  ගල්වෙඩි දමන ශබ්දය යළිත්    ඇසී ප්‍රදේශ වාසීන්  119 අංකයට හා දවුලගල පොලිසියට  දැනුම්දී තිබේ. ප්‍රදේශවාසීන් සමඟ එහිගිය පොලීසිය  සැකකරුවන් පිරස අත්අඩංගුවට ගෙන ඇත.

නිධන් ගැනිම සඳහා අවශ්‍යය විශාල ගල් පර්වතය පිපිරවිමට සැකකරුවන් විසින්  ඩෙටර්නේටර් 3 ක් හා  තවත් පුපුරන ද්‍රව්‍යයද , බැටරි හා වයර් තොගයක්ද ගෙනවිත් තිබී පොලීසිය සොයාගෙන තිබේ.

මෙයට අමතරව විදුලි පන්දමක් , උදලු , අලවංගු හා  පූජා පැවැත්විම පිණිස ගෙනවිත් තිබු ගොක් අතු , පොල්තෙල් , පහන් , කපුරු තොගයක්ද ජංගම දුරකතන තුනක්ද පොලීසිය භාරයට ගෙනතිබේ.

මහනුවර පුරාවිද්‍යා නිලධාරින් කන්ඩායමක් කලකට ඉහත පැමිණ මෙහි ඇති කටාරම් කෙටු ගල් පර්වතය හා  එහි ඇති බ්‍රහ්මීය අක්ෂර නිරික්ෂණය කළ බව ප්‍රදේශවාසීහූ පවසති.

මධ්‍යම පළාත් නියෝජ්‍යය පොලිස්පති මහින්ද ඒකනායක මහතාගේ අධික්ෂණය මත මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එඩ්මන්ඩ් මහේන්ද්‍ර මහතාගේ මෙහෙයවීමෙන් දවුලගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක විජිත විජේකෝන්,පොලිස් පරික්ෂක විජේවර්ධන,පොලිස් පරික්ෂක ගුණසිංහ, පොලිස් කොස්තාපල්  32870 ඉන්දික , පොලිස් කොස්තාපල් 49889 සෙනවිරත්න , පොලිස් කොස්තාපල් රියදුරු 33660 නිමල් යන නිලධාරිහු  සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.