කිළිනොච්චිය පොදු වෙළෙඳසල ගිනි ගනී… කඩ කාමර 78 අලු වෙයි…

kili41දිනසේන රතුගමගේ

කිළිනොච්චිය පොදු වෙළෙද සැල තුළ 16 දා රාත්රී ඇතිවූ ගින්නකින් කඩකාමර 78 ක් භාණ්ඩ සමග සම්පුර්ණයෙන්ම දැවී අලුවී ගොස් ඇති අතර තවත් කඩ කාමර 20 ක් පමණ අර්ධ වශයෙන් හානි වී ඇතැයි කිළිනොච්චිය පොලීසිය පවසයි.

ගින්න හටගැනීමට හේතුව නිශ්චිත වශයෙන් මෙතෙක් හදුනාගෙන නොමැති අතර විදුලිය කාන්දු වීමක් මෙම ගින්නට හේතුව වන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.kili1

වෙළෙද සැල් ගණනාවක භාණ්ඩ සම්පූර්ණයෙන්ම ගින්නට හසුවී තිබේ.

දැඩි නියගය නිසා ගින්න හටගත් වහාම එය කිළිනොච්චිය වෙළෙද සංකීර්ණය පුරාම පැතිර යාමට ගත වූයේ විනාඩි කීපයක් බව සිද්ධිය සියැසින් දුටුවෝ පැවසූහ.

වෙළෙද සංකීර්ණයට සිදු වූ මුළු අලාභය මෙතෙක් ගණන් බලා නැතත් එය දළ වශයෙන් රුපියල් කෝටි තිහකට වඩා වැඩි බව කිළිනොච්චිය ආපදා කලමනාකරණ මධ්යස්ථානයේ නිලධාරියෙකු පැවසීය.

kili3ගින්න හටගත් අවස්ථාවේදීම පොලීසිය,යුදහමුදාව හා ගිණි නිවන හමුදාව වහාම ක්රියාත්මක වුවත් දැඩි නියගය හා අධික සුළං සගහත තත්ත්වය මත ගින්න මැඩපැවැත්වීමට එම නිලධාරීන්ට අසීරු වී තිබේ.

කෙසේ වෙතත් ගින්නට හසු වී ගිය වෙළෙද සැල්වල භාණ්ඩ පැහැරගෙන යාමට පිරිසක් උත්සහ දැරීම නිසා එම ප්රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.