රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂයක කේරල ගංජා යාපනෙන් අල්ලයි

kerala-ganja-jpg-jaffnaයාපනය මරදනකේනි මුහුදු තීරයේදී ඉන්දියාවේ සිට ගෙන එන ලද රුපියල් ලක්ෂ 123 ක්පමණ වටිනා කේරල ගංජා කිලේ 82 ක් 26 දා අළුයම නාවික හමුදාව හා පලෙයි පොලීසියත් මරදන්කේනි පොලීසියත් ඒකාබද්දව කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ සිට මුහුදු මගින් කේරල ගංජා ප්‍රවාහනය කරන බවට යාපනය වෙත්තිලකේනි නාවික හමුදා කවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව 26 දා අළුයම 4.45 ට පමණ මරදන්කේනි හා පලෙයි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමගින් නාවික හමුදා නිලධාරීන්ද සමග සිදු කරන ලද වැටලීමකදී  බන්දියාවේ සිටි මුහුදු මගින් බෝට්ටුවකින් කේරල ගංජා රැගෙනවිත් ඇති අතර පසුව පොලීසිය දුටු ජාවාරම් කරුවන් කේරල ගංජා මුහුදට විසිකොට පලා යාමෙන් පසුව අදාල කේරලගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

කිලිනොච්චිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එම්.ආර්.වැලිකන්න මහතාගේ උපදෙස් පරිදි වැඩබලන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රොෂාණ් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් පලෙයි පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උපාලි මිණීපුර හා මරදන්කේනි පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්ෂමණ් කළුපහන යන අයගේ නායකත්වයෙන් එම පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කොට ඇත.

දිනසේන රතුගමගේ

kerala-ganja

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.