නවීන්ගේ අට පාස් ගෝලයාට ඩිපෝ අධිකාරී කමක්…

naveen2කොත්මලේ ඩිපෝවේ වැඩ බලන ඩිපෝ අධිකාරීවරයා ලෙස පත්කරන ලද පළපුරුද්ද හා සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඉවත් කර එම තනතුර සදහා අපොස සාමාන්‍යපෙළත් අසමත් පුද්ගලයෙක් පත්කිරීම නිසා සේවකයන් තුළ බරපතල නොසන්සුන්තාවයක් ඇති වී තිබේ.

මෙසේ පත්කළ  තැනැත්තා වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායකගේ දේශපාලන හිතවතෙක් බව පැවසේ. මෙවන් අශීලාචාර දේශපාලන මැදිහත් වීම් නිසා ජනතාව තුළ ඇතිවන අප්‍රසාදය වළක්වා ගත නොහැකි බවත්, යහපාලන ආණ්ඩුව මිනිසුන් අතර ගර්හාවට ලක්වන බවත්, පවසන එක්සත් ජාතික පක්ෂයේම ප්‍රාදේශීය දේශපාලකයන් මේ අවනඩුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙත දැනුම් දීමට සූදානම් වන  බව දැනගන්නට තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.