පුරාවස්තු හොරු හසු වේ…

archaeologyමෙයට වසරකට පමණ ඉහතදී නිධානයකින් ගොඩගත් බව කියන බුදු පිළිම පහක්,දේව ප්‍රතිමා පහක් ඇතුළු පෞරාණික භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු මහනුවර පොලීසියේ කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගත්තේය.

වත්තේගම උඩුරාවණ ප්‍රදේශයේ නිවසක මෙම භාණ්ඩ අළෙවි කිරීම සඳහා සඟවා තිබෙන බවට පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

ඇළහැර හතරගල්ලෑව ප්‍රදේශයේ පූජනීය ස්ථානයක් ආශ්‍රීත ප්‍රදේශයකින් මෙයට වසරකට පමණ පෙර මෙම භාණ්ඩ ගොඩගත් බව සැකකරුවන් පොලීසියට පවසා තිබේ.vlcsnap-2016-10-16-09h21m20s44
නිධානය ගොඩගැනීමට කටයුතු කළ කට්ටඬියා හා අදාළ භාණ්ඩ සඟවා තිබූ නිවසේ හිමිකරු අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පුරා විද්‍යා වාර්තාවක් කැඳවීමට පොලීසිය ක්‍රියාකර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.