බීමත් රියදුරෙක් කළ ව්‍යසනයක්… පුද්ගලයන් 9 දෙනෙකුට බරපතලයි…

acc1සදකත් හෙම්මාතගම

අද (18) පෙරවරු 9.00 ට පමණ මාවනැල්ල සිට පිළිමතලාව දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක්   මාර්ගයෙන් ඉවතට පැන කඩුගන්නාව පොදු වෙළෙඳ සංකීර්ණය වෙත කඩා වැදීම නිසා පුද්ගලයින් නව දෙනකු තුවාල ලැබුවේය. තුවාලකරුවන්   පේරාදෙණිය හා හේනාවල රෝහල්වලට ඇතුළත් කර තිබේ. පාරෙන් ඉවතට පැන වාහනය ගැටී තිබුණේ බුලත් අලෙවි කරන කඩයකය. එම අනතුරින් බුලත් කඩය හිමිකරු හා සහායකද තුවාල ලැබූහ.

තුවාල කරුවන් අතරින් බරබතල තත්ත්වයේ පසුවන සිව්දෙනකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කර සිටිති. අනතුර සිදුකළ රියදුරු බීමත්ව සිට ඇතිබව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී ඇත. තුවාල කරුවන් අතර පිරිමි හය දෙනකු හා කාන්තාවන් තිදෙනකු වේ.

කඩුගන්නාව පොලීසිය මගින් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඉදිරි පරීක්ෂණ කඩුගන්නාව පොලිසිය විසින් පතවත්වනු ලබයි.

සබැඳි පුවත්

3 thoughts on “බීමත් රියදුරෙක් කළ ව්‍යසනයක්… පුද්ගලයන් 9 දෙනෙකුට බරපතලයි…

  • September 19, 2016 at 12:53 am
    Permalink

    මෙයාට හොඳ බෙහෙතක් දෙන්න ඕනේ

    Reply
  • September 19, 2016 at 1:13 am
    Permalink

    මේක කොහෙන්ද ලයිසන් ගත්තේ

    Reply
  • September 19, 2016 at 1:15 am
    Permalink

    වැදුනා වැදුනා බඹර පදමෙන් ඇවිදින් වැදුනා

    Reply

Leave a Reply

Your email address will not be published.