මධ්‍යම හා ඌව පළාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති

sdig-lalith-jayasingheමධ්‍යම හා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති ලෙස ලලිත් ජයසිංහ මහතා පත්කර ඇත. රාජ්‍යය පරිපාලන විශේෂ උපාධිධාරියකු වන ජයසිංහ මහතා හැඳල කරුණාරත්න මහ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. වර්ෂ 1987 දී සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පොලිස් සේවයට එක්ව ඇති ඒ මහතා ගාල්ල හා මඩකළපුව ප්‍රදේශවල සේවය කිරීමෙන් පසු 1994 වසරේදී පොලිස් අධිකාරී ධූරයට උසස්වීම් ලැබ පොලිස් අභ්‍යාස විද්‍යාලයේත් කොළඹ අපරාධ කොට්ඨාශයේ හා පොලිස් මූලස්ථාන උසස් අධ්‍යාපන ආයතනයේ සේවයකර සාම සාධක හමුදා නියෝජිතයකු ලෙස නැගෙනහිර ටිමෝරයට ගොස් ඇත.

වර්ෂ 1999 දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට උසස්වීම් ලැබ ජයසිංහ මහතා පොලිස් මූලස්ථානයේ පර්යේෂණ සැළැසුම් අධ්‍යක්ෂ ලෙසද එහිම අධ්‍යක්ෂ බඳවාගැනීම් ලෙසද කටයුතුකර සේවකකර තිබෙන ඒ මහතා 2008 වසරේදී නියෝජ්‍යය පොලිස්පති ධූරයට පත්ව තිබේ.

පිරිස් හා පාලන අංශය භාර නියෝජ්‍යය පොලිස්පති ලෙස කටයුතු කළ ඒ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය ‍පොලිස්පති ධූරයට 2011 වසරේදී උසස් වීම් ලැබ දකුණු පළාත් හා සබරගමුව පළාත් භාර නියෝජ්‍යය පොලිස්පති ලෙස ක්‍රියාකර ඇත.පසුව ඌව පළාත් හා උතුරු පළාත් භාරව කටයුතු කළ ජයසිංහ මහතා මධ්‍යම හා ඌව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති ලෙස පසුගියදා වැඩබාර ගත්තේය.

එෆ්.බී.අයි හා රාජකීය මැලේසියානු ඇකඩමියේ පොලිස් ක්‍රමවේදය පිළිබඳව පාඨමාලාවන් හදාර තිබෙන ඒ මහතා කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන්ද අපරාධ විද්‍යාව පිළිබඳව ඩිප්ලෝමාවක්ද ලබා‍ සිටින පොලිස් සේවයේ වසර 29 ක සේවා අත්දැකීම් ඇති අයෙකි.

ඡායාරූප-ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.