මුලතිව් නෙඩුන්කේණි පොලිසිය විවෘත වේ…

nedunkeni1

දිනසේන රතුගමගේ

මුලතිවු, නෙඩුන්කේණි නව පොලිස් ස්ථානය නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් අද (18)  දහවල් විවෘත විය.  විශේෂත්වය වූයේ යාපනය පොලිසියේ සමරු ඵලකයෙන් සාගල රත්නායකගේ නම ඉවත්ව තිබුණත් නෙඩුන්කේණි පොලිසියේ සමරු ඵලකයෙහි ඔහුගේ නම සටහන්ව තිබීමය.

මේ අවස්ථාවට කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදුයුදීන්,හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද,දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම් . සුමන්තිරන්,පොලිස්පති පූජිත ජයසුන්දර   සහභාගි වූහ

nedunkeni31981 ජනවාරි පලමු වෙනිදා ආරම්භ වූ ඔඩ්ඩුසුඩාන් පොලීසිය 1990 වසරේදී ත්‍රස්තවාදීන් විසින් විනාශ කිරීමෙන් පසුව  1995 වර්ෂයේදී යළි ආරම්භ කරණ ලදී.

රුපියල් කෝටි හයක පමණ මුදලක් පොලිස් ස්ථානයට නව ගොඩනැගිල්ල ඉදි කිරීම පිණිස වැය වී ඇති අතර මෙම පොලිස් ස්ථානය මගින් ග්‍රාමසේවා වසම් 19 වැසියන් 12000 කට අධික පිරිසකට පොලිස් සේවාවන් සපයා ගත හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.