යාපනය විශ්විද්‍යාලයේ වව්නියා මණ්ඩප භූමිය ගිනි ගනී…

දිනසේන රතුගමගේvavunia3

වවුනියාව මන්නාරම මාර්ගයේ පූවරසන්කුලම ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය විශ්ව විද්‍යාලයට අයත් වවුනියාව මණ්පයේ අධ්‍යයන අංශ හා ශිෂ්‍ය නේවාසිකාගාරය අතර භූමිය තුළ (24) දහවල් 1.45ට පමණ ඇති වූ ගින්නකින් විශාල ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබේ.

පවතින වියලි කාළගුණයත් සමඟ ගින්න සීඝ්‍රයෙන් පැතිරී ඇති අතර මේ සම්බන්ධයෙන් බළධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව වවුනියාව නගර සභාවේ ගිණි නිවන රථ හා පූවරසන් කුලම පොලිස් ස්ථානාධිපති තුමාගේ උපදෙස් මත පොලිස් නිළධාරීන් හා ජල බවුසර ගෙන්වා ගින්න නිවීමට කටයුතු කළහvavunia-1

ඉතා සුළු කාලයකින් විශ්ව විද්‍යාලයට අයත් අක්කර 10කට අධික භුමි ප්‍රමාණයක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතර ගින්නෙන් ජීවිත හානි  හෝ දේපල හානි මෙතෙක් වාර්තා වී නොමැති බව පොලිසිය පවසයි.

ගින්න කවුරුන් හෝ තබන්නට ඇත්ද නැතිනම් ස්වාභාවික හට ගත්තේද යන්න සම්බන්ධයෙන් පූවරසන් කුලම පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

ගින්න මැඩපැවැත්වීමට වවුනියාව නගර සභා ගිණි නිවන අංශ නිළධාරීන්, පූවරසන් කුලම පොලිස් නිළධාරීන්, ගුවන් හමුදා ගිණි නිවන අංශ භටයින් හා විශ්ව විද්‍යාලයේ නේවාසික ශීෂ්‍යයින් ද දැඩි පරිශ්‍රමයක් දැරූහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.