වැලි ලොරියටක යටවූ සරසවි සිසුවා මිය යයි

P. Kasun De Soysaවැලි ප්‍රවාහනය කෙරෙන ටිපර් රථයකට යටවීමෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක්  මරණයට පත්ව තිබේ.  පේරාදෙණිය සිට හිඳගල දක්වා ධාවනය වෙමින් තිබූ රථයකට යටවී විශ්වවිද්‍යාලයේ හිදගල ශාලාව අභියස ඊයේ (25) සිදුව තිබෙන මෙම අනතුරින් මියගොස් ඇත්තේ  කළමණාකරණ පීඨයේ තෙවන වසරේ සිසුවෙක් වූ පී. කසුන්ද සොයිසා නැමැති සිසුවෙකි.P. Kasun De Soysa

එම සිසුවා නේවාසිකාගාරයකට ගොස් සිය යතුරු පැදියෙන් සිය පෙම්වතිය නිවසට ඇරලවා  හිදගල සිට පේරාදෙණිය දක්වා පැමිණෙමින් සිටියදී අනතුරට ලක්වී ඇත. සිද්ධියෙන් ඔහු එම ස්ථානයේදීම මරණයට පත්ව තිබේ.

පොලිසිය විසින් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.