භික්ෂුන්වහන්සේගේ අමානුෂික ප්‍රහාරයෙන් දරුවා රෝහලේ

podi pandalaමෙම අමානුෂික පහර කෑමට ලක්ව ඇත්තේ මෙවර අ.පො.ස.පෙළ විභාගයට පෙනීසිටිමට නියමිත සිසුවෙකි. අලූබෝමුල්ල, බප/ක/ එස්. මහින්ද විද්‍යාලයේ බුද්ධාගම උගන්වන එ් වාගේම විනය ගුරු කහවත්තේ ඥනශිල නැමැති භික්ෂුන් වහන්සේය. කොස්සක් කැඩෙනතුරු පහර දීමෙන් පසුව, ශිෂ්‍යයින් කිහිප දෙනෙක් කොස්සේ කැලි ඇහිඳනවා දුටු මෙම ගුරු හිමි නම තොපි මොවා එකතු කරන්නෙ මාව අමාරුවේ දාන්න ද කියමින්, එවා ඇහිඳගෙන ගොස් හංගා ඇත.

මෙම චිවරධාරියා, පාණදුර, කුරස හංදියේ පොඩි පන්සල නමින් හඳුන්වන ස්ථානයේ ජිවත්වෙති.

තවද තමාට විදුහල්පති වරද නොකළ ද වේවැල් මිටියක් ගෙන, වේවැලක් කැඩෙනකන් පහර දුන්න බවත් එහෙත් තමා ඉවසාගෙන සිටිය බවත් එ් බව ගෙදරට නොකිව්වේ ගෙදරින්ද ගුටි කන්නට වෙන නිසා බවත් කියන්නට තරම් නිවට තත්වයට මේ සිසුවා පත්ව තිබින.

මෙම මස 06 පහර කෑමට ලක්වු සිසුවාව විද්‍යාගාරය තුල තබා, ගාගන්නට බාමි දි, පොලිසි යන්න එපායි ඔවදන් දී, පාසැල ඇරුනු විගස විදුහල්පති ඇතුලූ ගුරුවරු පාසලින් පිටව ගොස් ඇත.

මවට දැනගන්නට ලැබි සිසුවාව රොහල් ගතකරන විට දහවල් 3.00 පමණවි ඇත. පසු දින 07, දෙමාපියන් විදුහලට ගෙන්වා ගත් විදුහල්පති අයි. ඩි. ලක්ෂ්මන් භික්ෂුන්වහන්සේගේ ක‍්‍රියාව කිසිසෙත් අනුමත නොකරන බවත්, බෙහෙත් හෙත් ගැනීමට උදව් කිරිමට සුදානම් බවත් පවසා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.