මානව හිමිකම් රුකී ගේ යහපාලන ලන්ඩන් ගමන

ruki-fernandoමේ මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු මාධ්‍යට නිකුත් කළ සටහනකි

අද, එනම් 2016 ඔක්තෝබර් පළමුවෙනි දින ලන්ඩනය බලා පියාසර කිරීමට මම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියෙමි. එහිදී ආගමන කවුලුවෙහි සේවයේ නියුතු නිළධාරියෙකු විසින්, මා තේරුම් ගත් පරිදි ත්‍රස්තවාදී විමර්ශන කටයුතු දෙපාර්තමේන්තුවට(TID) අදාළ කාර්යාලයක් වෙතින් මගේ ගමන පිළිබද කරුණු නිරවුල් කිරීමක් කළයුතු බව දැනුම් දෙන ලදී. මෙම කාර්‍යාලය ආගමන කවුන්ටරයට යාබදව පිහිටා ඇත. එහිදී මගේ කිසියම් තීන්දුව නොලැබුනු නඩුවක් තිබේද?,(case pending) මා යමින් සිටියේ කොහිද?, මගේ ගමනෙහි අරමුණ කුමක්ද?, යනාදී කරුණු සමග මගේ පෞද්ගලික හා වෘත්තීය තොරතුරුද, ලිපිනය හා දුරකථන අංකද සමග මගේ පවුලේ සාමාජිකයින්ගේ විස්තරද ඇතුලු තවත් කරුණු රැසක් විමසන ලදී. එක් නිළදාරියෙක් මගේ සියලු පිළිතුරු සටහන් කරගත් නමුත් ඔහු ලීවේ, ඔහු ලියාගත්තේ මොනවාදැයි මට නොපෙනෙන පරිදි වන අතර කිසිදු ලියවිල්ලක් සදහා මගේ අත්සන ලබා ගත්තේද නැත. මගේ ගමන් ලියකියවිලි වල ඡායා පිටපත් ලබාගත් අතර ඔවුන් සතුව තිබූ ලිපිගොනුවක් ඒ සමගම පරීක්ෂා කරනු ද දක්නට ලැබිනි.

මෙසේ මා ප්‍රශ්න කිරීමට ලක්වන අතරතුරදී කාර්‍යාලයෙහි සිටි අනෙකුත් නිළධාරීන් කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශණ කටයුතු දෙපාර්තමේන්තු මූලස්ථානය හා සම්බන්ධ වෙමින් මා, මගේ ගුවන් යානය වෙත යොමු කරීම හෝ නොකිරීම සදහා අනුමැතිය විමසමින් සිටින බව මගේ නිරීක්ෂණයට හසු විය. එසේම මගේ ගුවන් යානය මග නොහැරවීම් වස් , ඔවුන් යුහුසුළුව ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලිය නිමකිරීමට කටයුතු කරන ආකාරයද දක්නට ලැබිණි. මේ අතරම නීතිපති දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත කටයුතු විමර්ශන මූලස්ථානය මගේ නිතීඥවරු විසින් සම්බන්ධ කරගෙන තිබිණි. මින් එක් නීතීඥවරියක් ඒ වන විටත් එතෙර යාමට සූදානමින් විගමන කටයුතු සම්පූර්ණ කර ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිටි අතර, කාර්‍යාලය තුළ ප්‍රශ්න කිරීමකට ලක් වෙමින් සිටි මා සහ එම නිළධාරීන් හා කතා කිරීම සදහා කාර්‍යාලයට ඇතුලු වීමට අවසර ඉල්ලා සිටි නමුත් ඇයට එම අවසරය නොලැබුනු අතර, මා ප්‍රශ්න කිරීමට ලක්වූ මුලු කාලය පුරා ඇයට කාර්‍යාලයෙන් පිටත රැදී සිටීමට සිදුවිය.

මෙය ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සැකකරුවන් දිරිමත් කිරීම සදහා නීතීඥවරු සම්බන්ධ කරගැනීමේ ප්‍රවේශය උල්ලංඝනය කිරීමක් ලෙස පෙනී යන අතර විශේෂයෙන් කට උත්තරය ලබා ගැනීමට පෙර නීතීඥ ප්‍රවේශය ලබා ගැනීමේ අය්තිය උල්ලංඝනය කිරීමක් ලෙස පෙනේ. අවසානයේදි මා මගේ ගමන සදහා නිදහස් කර ඇති බව දැනුම් දෙන ලදී. මෙහිදී මා කාර්ය භාර ප්‍රධාන නිළදාරියාගෙන් මා රදවා තබා ගැනීමට සහ ප්‍රශ්න කිරීමට හේතුව විමසූවෙමි. මෙහිදි ඔහු අවදාරණය කලේ මගේ ගුවන් යානය සදහා ඇත්තේ සීමිත කාලයක් බැවින් මෙතැන සාකච්ඡා කරමින් කාලය වැය කරනවාට වඩා ගුවන් යානය වෙත යාම නුවණට හුරු බවයි. පසුව මම, මගේ නීතීඥවරිය සමග ගුවන් යාන ප්‍රවේශ කවුලුව වෙත ගියෙමි. නිළදාරීන් මා ප්‍රශ්න කලේ ඉතා ආචාරශීලී ලෙසය. එසේම කිසිදු හිංසනයක් හෝ තර්ජනයක් සිදු කළේද නැත. නමුත් එය තවදුරටත් භය උපදවන රදවා තබා ගැනීමේ සහ ප්‍රශ්න කිරීමේ අත්දැකීමක් විය. සැකෙවින් ගත්කල මගෙ අතීත රදවා තබා ගැනීම්, ප්‍රශ්න කිරීම් හා තර්ජනය කිරීම් සම්බන්ධ අත්දැකීම් වල අමිහිරිභාවය සිහිවූ තවත් බියකරු අවස්තාවක් විය.

එසේම එය තවදුරටත් මා ආරක්ෂක අංශ ඇස යටතේ සිටින බවත් , මානව හිමිකම් කටයුතු සදහා එතෙර යාමට හිංසනනයෙන් සහ තැතිගැන්වීමෙන් තොරව මට ඉඩ නොමැති බවටත් කළ දැනුම් දීමක් බදු විය. පීඩනාත්මක දිගු ගමනකින් පසු අවසානයේ මම ලන්ඩනයෙහි සිටිමි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.