විජේවීර බිරිඳට හිසට වහලක් අහිමි ඇයි?

rohana-wijeweeeraචිත්‍රාංගනී විජේවීර යනු අනන්ත කාලයක් දුක් විඳි ගැහැනියකි. තවමත් දුක ඇය පසුපසින් හඹා එන බවක් දක්නට ලැබේ. මේ ඒ ගැන කෙරෙන හෙළිදරව්වකි.

1988 සැප්තැම්බර් පළමුවැනිදා විජේවීර උලපනේට පැමිණෙද්දී ජවිපෙ ක්‍රියාකාරිත්වය හා ජවිපෙට එරෙහි ක්‍රියාකාරිත්වය ද පිම්මේ වර්ධනය වී තිබිණි. භීෂණයෙන් රට භීතියට පත්ව තිබූ අතර අනාගතය පිළිබඳ ජනතාවට වූයේ අඳුරු බලාපොරොත්තුවකි. මේ අතර රුපියල් ලක්‌ෂ 08 ක්‌ ගෙවා, මිලදී ගත් නව බංගලාව හා ඉඩමට ඔප්පුව ලිවීමේදී එහි වටිනාකම ලෙස දක්‌වා තිබුණේ රුපියල් ලක්‌ෂ හතරක්‌ පමණි. වැවිලිකරුවකු ලෙස අත්තනායක නමින්ම උලපනේ දී පෙනී සිටි විජේවීරගේ මේ ජීවිතය පිළිබඳ කිසිවකුට සැක සංකා ඇති නොවීම පිණිස එය වඩාත් සුඛෝපබෝගී එකක්‌ බවට පත් කිරීමට ජවිපෙ කටයුතු කළේය. ඒ අනුව තම නායකයාගේ පරිහරණය වෙනුවෙන් සුදු පැහැති මිට්‌සුබිෂි ස්‌ටේෂන් වැගන් වර්ගයේ මෝටර් රථයක්‌, දුරකථනයක්‌ හා “මිනිබාර්” එකක්‌ උලපනේ බංගලාවේ ස්‌ථාපිත කිරීමට ගමනායක ඇතුළු පක්‌ෂයේ ඉහළ නායකත්වය කටයුතු කළේය.

අද විජේවීර පවුල ජීවත්වන්නේ, නිවසක්‌ නොමැති අසරණ තත්ත්වයකය. ඒ නිසා ඔවුන් තමන්ටම වූ වාසස්‌ථානයක්‌ සොයමින් පසුවේ. තමන් අවසාන වශයෙන් පදිංචිවී සිටි උලපනේ නිවස ඔවුන් විසින් යළි ඉල්ලා සිටිනු ලබන්නේ, තමන්ගේම කියා තැනක වැටී සිටීමේ අවශ්‍යවතාවය නිසාය. එහෙත් හරහට හිටියේ නීතියය. මෙම ඉඩම සහ නිවස රාජසන්තක කරන ලද දේපලක්‌ වන බැවින් එම ඉල්ලීම ඉටු කළ නොහැකි ගඟඉහළ කෝරලේ ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමආරච්චි විසින් එය ප්‍රතික්‌ෂේප කර තිබුණි.rohana-w-family

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා අවසන් වරට පදිංචිව සිටි නාවලපිටිය උලපනේ පිහිටා තිබු නිවස සහ ඉඩම තමන් සහ තම දූ දරුවන් වෙත නැවත ලබා දෙන්නැයි රෝහණ විජේවීර බිරිය ඉල්ලීමක් කර ඇත.

විජේවීර මහත්මිය එම ඉල්ලීම සිදුකොට ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මගින් ආරක්ෂක අමාත්‍යාංශය වෙතිනි. රෝහණ විජේවීර මහතාගේ අභාවයෙන් පසුව විජේවීර මහත්මිය මෙතෙක් රැඳී සිටි නාවික හමුදා කඳවුරෙන් ඉවත්ව යන හෙයින් මෙම ස්ථානය නැවත තමන් හා දු දරුවන් වෙත ලබාදෙන්නැයි එසේ ඉල්ලා ඇති බව ගඟ ඉහළ කෝරලේ ප්‍රාදේශීය ලේකම් ඒ.එම්,වික්‍රමාරච්චි මහතා පැවසීය.

විජේවීර මහත්මිය විසින් එම ස්ථානය සහ නිවස නැවත ඉල්ලා සිටිය ද මේ වන විට එම ස්ථානයේ ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන බවත් එහි දැනට පාඨමාලා 16ක් පැවැත්වෙන බවත් එහි මේ වන විට සිසු, සිසුවියන් 400 පමණ ඉගෙනුම ලබන බවත් පවසන ප්‍රාදේශීය ලේකම් වරයා එම තත්ත්වය මත මෙම නිවාස හා එම ඉඩම මුදාහැරීම දුෂ්කර කටයුත්තක් බවද කියා සිටි. ඒ කථාවේ එක පැත්තකි.

එහෙත් ඊට‍  තවත් පැත්තක් තිබෙනවා නොවේද? දිවියෙන් සමුගැනීමට පෙර සෝමවංශ අමරසිංහ ජවිපෙ වගකීම අවධාරණය කළේය.

“රෝහණ විජේවීර මහතාගේ පවුලේ අයට නිවසක් ලබාදෙන්න ජවිපෙට බැරිකමක් නෑ. ඒ හැකියාව අද ජවිපෙට තියෙනවා. රෝහණ විජේවීර සහෝදරයා ජීවත්වූ උලපනේ නිවස වගේම තවත් පක්ෂය සතු ඉඩකඩම් තිබුණා. ගෙවල් තිබුණා. මේවා රජය එදා පවරා ගත්තා. මේ පවරාගත් නිවසක් විජේවීර පවුලට අරන් දෙන්න මැදිහත් වෙන්න කියලා ජවිපෙන් ඉල්ලනවා‘ යැයි ජවිපෙ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා කෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසනායක ඇතුළු පිරිස නිතර කථා කරන්නේ වැරදි නිවැරදි කිරීම ගැනයි. මේ වැරැද්ද නිවැරදි කරන්නේ කවදාද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.