අමරදේවයන්ගේ අවසන් ඉල්ලීම – මල් තුනක්

amaradeva anthima kameththaආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් මියයාමට පෙර දිනයේ කළ ඉල්ලීමක් ඔහුගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය හෙලිකලාය.

අමරදේවයන් එම ඉල්ලීම කර ඇත්තේ බුදුන් දහම් සඟුන් යන තෙරුවනට පිදීම සඳහා මල් 3ක් සූදානම් කර දෙන ලෙසයි. අමරදේවයන් වැනි අවංක ලංකා පුත්‍රයෙක් ඉදිරි සියවස් කිහිපයේදී හෝ බිහි නොවනු ඇතැයි ද විමලා අමරදේව මහත්මිය කියා සිටියාය.

Amaradeva with Wife.මේ අතර අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය ආදාහනය නොකර කොළඹ වෛද්‍ය විද්‍යාලයට භාරදෙන බව මුලින් ප්‍රකාශ කෙරුණ ද කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු සිදුකෙරෙන බව ප්‍රකාශ කෙරුණේ පසු අවස්ථාවකදීය.

මෙම වෙනස සිදුවූයේ කෙසේදැයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මාධ්‍යයට අනාවරණ කළාය. වෛද්‍ය විද්‍යාලයට භාර නොදී ජනතාවට දැක බලා ගැනීමට ඉඩ සැලසිය යුතු බවත්, ඔහු වැන්නෙකුට රාජ්‍ය ගෞරව දැක්විය යුතු බවටත් බොහෝ දෙනා කළ ඉල්ලීම මත මෙය සිදුවූ බව ඔහු ප්‍රකාශ පැවසිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.