අමරදේවයන් අඳුරට ඉඩදී සැගව ගිය හැටි

Amaradeva Chithakayaඅමරදේවයන් දිගු කලක් ගමේ පන්සල කරගත් නාලන්දාරාමයේ විහාරධිපති කීනියාවල පාලිත ස්වාමීන් වහන්සේ මතක වස්ත‍්‍ර පූජාවට මුල පිරූහ. වෙනදා අමරදේවයන් වටා අප රොද බඳින්නේ එතුමාගේ මියුරු ගී වැස්සෙන් තෙමෙන්නටය. මෙදා අප රැස්ව සිටියේ එතුමාගේ රූපකායෙනුත් සමුගන්නටය. විමලාවන්ගේ සිහින් ඉකිබිඳුම යාන්තමට ඇසිණ. දහසක් රසිකයින් එක්ප සෙකිනුත් ජනපති, අගමැති ආදී රජවීදියේ ඇත්තන් අනෙක් පසෙකිනුත් වාඩි වී සිටියහ.

කතෝලික, මුස්ලිම් හා හින්දු ශෝක ප‍්‍රකාශවලට ඉඩ ලැබුණේත් ඉංගී‍්‍රසි, දෙමළ භාෂාවන්ට ඉඩ ලැබුණේත් ජාති කුලගොත් නොතකන ඒ මිනිසාට උපහාර පිණිසය. සුදු සැටින් රෙද්දෙන් වටකෙරූ චිතකය උස්ව නැගී සිටිමින් අපට මතක් කළේ සුදෝ සුදු මේ ධවල චිතකය මත තව මොහොතකින් යුග යුග ගනනක් අප සැනහූ ඒ අපූරු මිනිසා අපෙන් සමුගන්නා බවයි. සමන් අතාවුද හෙට්ටි සුපුරුදු ලලිත බස් වහරින් ඒ ශෝකී මොහොත පෙරට ගෙනයමින් සිටියේය. ජනපති මෛතී‍්‍රපාල සිරිසේනයන් පෙරදා සඳ පහන් රැයක සඳ එළියේ පැරකුම් සයුරු තෙර ගලක් මත හිඳිමින් අමරදේවයන් සමග pandith amaradevaකල විද්වත් කතිකාව මෙනෙහි කළේය. අතීත වාරි ශිෂ්ඨාචාරයන් ගැන අමරදේවයන් හා කල කතා බහ ගැන අතීත මතකය අවධි කළේය. බොහෝදෙනා නොදත් දෙයක් ජනපතිතුමා මෙනෙහි කළේය.

අමරදේවයන් ලන්ඩනයට, ලොස්ඇන්ජලීස් නගරයට, පැරීසියට සහ නිව්යෝක් නගරයට ගිය බව අප බොහෝ දෙනා දනිමු. එහෙත් අමරදේවයන් දුප්පත් පාසල් දරුවන් සොයා ඈත ගම්දනව් වලට වෙහෙස නොතකා ගිය බව දන්නේ අප කිහිප දෙනෙකි. ජනාධිපතිතුමන්ගේ ඇරයුමෙන් එවකට සාමාන්‍ය දේශපාලඥයෙක් වූ මෛතී‍්‍රපාල සිරිසේනයන් ඉල්ලීමෙන් අරමදේවයන් පොලොන්නරුවේ පාසල් කරා කිසිඳූ කොන්දේසියකින් තොරව පැමිණි ආකාරය ජනාධිපතිතුමන් අවමංගල සභාවට කියා සිටියේ කෘතවේදී පූර්වකය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ රාජකීය ප‍්‍රාථමිකයෙදී දිනේෂ් ගුණවර්ධන හා අනුර බණ්ඩාරනායක සමගින් රේඩියෝ සිලෝන් එකේ සිංදු කියන කෙනෙක් තමන්ට සංගීතය උගන් වන්නට පැමිණි හැටි කියා සිටියේය. ඉන් අනතුරුව දශක ගණනාවක් අමරදේවයන් හා පැවැති ළබැඳි ඇසුරද වික‍්‍රමසිංහයන් සභාවට හෙළි කළහ. විඩාබර දවසක අවසානයේදී තම අයි පෑඩයෙන් අමරදේව ගීතයක් ශ‍්‍රවණය කොට නින්දට යන ආකාරය ගැන රනිල් වික‍්‍රමසිංහ කියාසිටිමින් අවධාරනය කළේ නූතන තාක්ෂණික යුගය ඔස්සේ අමරදේවයන් ක‍්‍රම ක‍්‍රමයෙන් පෙරට ආ හැටි අවධාරනය කිරීමටය. එතුමන් කියා සිටියේ අමරදේවයන් සමග අප යා pandith amaradevaගමන ඇත්තේ පෙරමගෙහි බවය. අවමංගල්‍ය සභාව ක‍්‍රමයෙන් පෙරට යද්දී ගායක සමූහට සසර වසන තුරු පිංකෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා යැයි ගැයූහ. ඒ මොහොතේ සැම හිතකම සටහන් වන්නට ඇත්තේ අනේ සර් පුළුවන්නම් ආයෙත් එන්න යනුවෙන් බවට කිසිඳූ සැකයක් නැත.

සමන් ආතාවුද හෙට්ටි සර්ට සුභ ගමන් යැයි පැවසුවේය. විමලාවන්, පි‍්‍රයංවදා, සුභානි හා රංජනයන් සමග චිතකය පැදකුණු කළහ. රත් පැහැති ගිනි ජාලාවක් තුල අමරදේව දේහය ක‍්‍රමයෙන් දුම් රොටු බවට පත්වන්නට විය. මළ හිරු බැසයන සැන්දෑවක අඳූරට ඉඩදී සමුගන්නා බව අමරදේවයන් කීවේ බොහෝ කලකට පසුවය. එහෙත් මෙදා එය යතාර්ථයක්ම විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.