අමරදේවයන් එදා දිවි ගැලව ගත් හැටි……….

amaradewa-04-bඑතකොට මගේ වයස අවුරුදු හයක් විතර ඇති. දවසක් අයියලත් එක්ක මුහුදු වෙරළේ සෙල්ලම් කරල ගෙදර යන්න රේල් පාර පනින කොටම මගේ කකුල සරමෙ පැටලැවිලා මාව රේල් පාර හරහා වැටුණා ඔළුව උස්සල බලනකොට කෝච්චිය මෙහෙම අත ළඟ. බයට මට නැගිට ගන්නත් බෑ. පස්සේ යාන්තම් බඩගාල වගේ රේල් පාරෙන් එළියට ඇදෙන කොටම වගේ රේල්ලුව මගේ ඇඟේ ගෑවී නොගෑවී මා ළඟින් මාරුවුණා.”

අමරදේව සිය ජීවිතයේ මුහුණ පෑ ඉතා බිහිසුණු අවස්ථාවක් සිහිපත් කරමින් මා සමග කතාව ඇරැඹීය. මරණය ඉදිරියේදී ෙදෙවයේ හස්තය මගින් ඉන් ඉවතට අදිනු ලැබූ මේ අසාමාන්‍ය පුද්ගලයා ජාතියේ පින් මහිමය නිසාම නැවතත් ජීවත් වීමේ වාසනාව ලැබුවෙකැයි මට සිතේ. එසේ නොවන්නට  සිංහල ගීත සාහිත්‍ය ගැන අද අපට කුමක් කතා කිරීමට ඉතුරුව තිබේදැයි කෙනකු සිතීමට පුළුවන.
පාලිත පෙරේරා-අමරදේව සංවාදයකින්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.