අමරදේව දිවි සැරියෙන්………….

amaradewa-04-cගවුස් මාස්ටර්ගේ වාද්‍ය කණ්ඩායමට බැඳුණු ඇල්බට්ට  ගවුස් මාස්ටර් සමග කොලොම්බියා තැටි සමාගමේ ගීතවලට වාදන සහය සපයන්නට අවස්ථාව සැලසුණි. සංගීත විද්‍යාලයේ වැඩ කටයුතු බහුල වූ බැවින් තරුණ ඇල්බට්ට ගවුස් මාස්ටර්ගේ නිවසේ සති ගණන් නතර වීමට සිදුවිය. මේ නිසා තම පුතාගේ  සුවදුක් දැන ගැනීම පිණිස කොරළවැල්‍ලේ සිට ජිනෝරිස් පෙරේරා මහතා බම්බලපිටියේ ගවුස් මාස්ටර්ගේ  සංගීත විද්‍යාලය  සොයාගෙන ආවේ  වරක් දෙවරක් නොවේ. ඒ වන විට ඉස්තරම් වර්ගයේ සුරුට්ටු  මිටියක් ගෙනැවිත්  ගවුස් මාස්ටර්ට තෑගි කිරීම සැමවිටම පෙරේරා  මහතා අතින් සිදුවූ දෙයකි. එවකට ශ්‍රී ලංකාව  පුරා දක්ෂ  සංගීතඥයකු ලෙස කීර්තියට හා ගෞරවයට පාත්‍ර වී සිටි ගවුස් මාස්ටර් සෙවනේ තම පුතා ශිල්ප හදාරන්නේය යන හැඟීම පවා පෙරේරා මහතාගේ  අභිමානය වැඩි කිරීමට හේතුවක් විය. කොලොම්බියා තැටි සමාගමේ තැටිගත කිරීම් බහුලව සිදු කිරීම නිසා ඒ සඳහා සහභාගි වූ ඇල්බට්ට කොළඹ ජීවත් වීමට තරම් සැලකිය යුතු ආදායමක් අතට ලැබෙන්නට ඇතැයි මම සිතුවෙමි.

“පුදුමෙ කියන්නෙ මේ කාලෙ වගේ ‍නෙවෙයි ඒ කාලෙ මගේ හිතේ ධන ආශාවක් තිබුණේ නෑ” යැයි කියමින් අමරදේව මගේ නිගමනය අනාථ කළේය.amaradewa-aa “ඒ දවස්වල ගවුස් මාස්ටර්ගේ සංගීත කාර්යයේ නිරත වී සිටීම තමයි එකම ප්‍රීතිය. යන්න එන්න බස් ගාස්තුයි  කන්න බොන්න කීයක් හරි තිබුණමයි හොඳටම ඇති. තැටි ගත කිරීම්වලට ගියාට සල්ලි ඉල්ලන්නෙත් නෑ.  ඔහොම ඉඳල ඉස්සෙල්ලාම කියල කොලොම්බියා සමාගමෙන් මගේ අතට ලැබුණා රුපියල් 80 ක චෙක් එකක්. ඒක ‍පොරෝලිස් ප්‍රනාන්දු සමාගමෙන් මාරු කරගෙන කොටුවේ පළවෙනි  හරස් වීදියෙන් ට්‍රෑම් කාර් එකකට නැග්ගා ග්‍රීන් ස්ටී්‍රට් එකේ ගවුල්  මාස්ටර්ලගෙ ගෙදරට යන්න. අර රුපියල් අසූව මගේ උඩ සාක්කුවෙ තිබුණෙ. ට්‍රෑම් එකෙන් බැහැල බලනකොට පික්‍පොකට්කාරයෙක් රුපිය්ල අසූවට විදල. මේ කතාව ගවුස් මාස්ටර්ට කීවම මට තවත් රුපියල් පනහක් දුන්න.” මෙය අසා අප අසල සිටි අමරදේවගේ බිරිඳ මහත් හඬින්  අමරදේව සමග එක්ව සිනාසුණාය. ඔවුන් සමග මාත් සිනාසීමට උත්සාහ  කළද මගේ සිනහව තොල් අතර දියාරු වී ගියේ මේ සම්භාව්‍ය සංගීතඥයාට ජීවිතයේ ප්‍රථම වතාවට තම දැනුමෙන් ලත් මුදල කිසිම වැදගැම්මකට නැතිව අහිමි වී යෑම නිසා ඇති වූ අනුකම්පාව නිසාය.

amaradewa-abගවුස් මාස්ටර්ගේ සංගීත විද්‍යාලයේ ඉන්නා අතර තුරේදී සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන් වැනි එකල ප්‍රසිද්ධියට පත් ගායකයන්ගේ ගුවන් විදුලි ගී වැඩසටහන්වලට ඇල්බට්ගේ වයලින් වාදනය එකතු කර ගැනීමට ඔවුහු කිසිවිටකත් අමතක නොකළහ.  ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටය වීමට තිබූ “අශෝක මාලා”  චිත්‍රපටයේ නිෂ්පාදනය සඳහා ශාන්ති කුමාර් ඉන්දියාව බලා පිටත් වූයේ මේ සමයේය. එම චිත්‍රපටයේ  සංගීතය අධ්‍යක්ෂණය කළේ ගවුස් මාස්ටර්ය. සහය සංගීත අධ්‍යක්ෂණය හා වයලින් වාදනය  ඇල්බට්ට භාර විය. මීට අමතරව “ඇයි කළේ යමකු ආ‍ලේ” හා “භවේ ගීත හැරදා” යන ගීත දෙක ගායනා කිරීමට ගවුස් මාස්ටර්, ඇල්බට්ට ඇරැයුම් කළේය. අප බොහෝ දෙනා දන්නේ  ඇල්බට් අශෝක මාලාහි ගීත ගායනා කරමින් හිඟන්නෙකුගේ චරිතය රඟ පෑ බව පමණි. “අශෝක මාලා චිත්‍රපට ගත කළේ ඉන්දියාවේ කොයිම්බතූර්හි සෙන්ට්‍රල් චිත්‍රාගාරයේ. මම ඒ චිත්‍රපටයේ හිඟන්නාගේ චරිතය විතරක් නෙවේ රඟපෑවේ. අශෝක මාලා චිත්‍රපටයේ එක් නැටුම් ගීතයක් එනවා “ප්‍රීති ප්‍රීති චන්ද්‍රා ලෝකේ” කියල. ඔය නැටුම් ගීතයේදී නැටුම් නිළියන් සමග මමත් නැටුවා. ශාන්ති කුමාර් තමයි මට චිත්‍රපටයට නටන්න හදිසියේ පුහුණු කළේ. දැන් දකින කොට ලැජ්ජාත් හිතෙනවා” යැයි කියමින් අමරදේව මහත් හඬ නඟමින් සිනාසෙන්නට විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.