අමරදේව දේහය ආදාහනය කෙරේ……….

amaradewa-04අභාප්ප්‍රාප්ත ඩබ්ලිව්.ඩී. අමරදේව හෙළයේ මහා සංගීතඥයාගේ දේහය කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සෙනසුරාදා (5) පස්වරු 6 ට ආදාහනය කරන බව ආදාහන කමිටුවේ සභාපති මහාචාර්ය සුනිල් ආරියරත්න කියයි.

දේහය වෛද්‍ය විද්‍යාලයයට බාරදීමේ තීරණය මේ අනුව වෙනස් වෙයි.  අමරදේව මහතාගේ දේහය සිකුරාදා (4) උදෑසන 9 ට කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට පෙරහරින් කොළඹ ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරස්‍රයට  රැගෙන යන බවත් එම පෙරහරට සහභාගී වන ලෙස අමරදේව සහෘදයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු කියයි.

අමරදේව මහතාගේ ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරිමට යයි. සිකුරාදා පෙරවරු 10 සිට පසුදා  පස්වරු 3.30 දක්වා  නිදහස් චතුරස්‍රයේ දී දේහයට අවසන් බුහුමන් දැක්වීමට  හැකි බවත් ආදාහන කමිටු සභාපති  කියයි. සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරිමෙන් පසුව දේහය ආදාහනය කිරිමට නියමිතය.

දේහය වෛද්‍ය විද්‍යාලයයට භාර දීම නිසා ඊට අනවශ්‍ය අවධානයක් යොමු විහ හැකි හෙයින් මේ තීරණය ගත් බව පවූලේ හිතවතුන් පවසති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.