අමර මතකයෙන්

Pandith Amaradeva“පිරිපුන් අඟ පසඟින් හා ඊට සරිලන ඇඳුම් ආයිත්තමින් සැදී ගත් සුරූපී සුකුමාර කණක ලලනාවක බඳු වූ ජන කවියෙන් මම ජීවය ලබමි. මගෙ සංගීත සංකල්පනයන් අවුස්සා විචිත‍්‍ර රේඛා ඔස්සේ විහිදුවාලමින් වර්ණවත් ගීත රූපකයන් මවා ගැනීමට තරම් ප‍්‍රමාණවත් ආවේශයක් ඉන් ලබා ගන්නට මම පුරුදු වී සිටිමි.”

මට මතකයි මගේ අම්මා රෝහල්ගත වෙලා හිටියා. මම අම්මව බලන්න රෝහලට ගියා. මට හරිම දුකක්‌ දැනුණා. මම රෝහලට ගියෙත් මැඩ්ලීනය අරගෙන. රෝහලේ ඉඳලා මම දුකෙන් ගෙදර ආවා. අම්මා කෙරෙහි මට පුදුමාකාර සෙනෙහසක්‌ දැනුණා. “පාරමිතා බල” ගීයට මුල්වුණේ මගේ ඒ මව් සෙනෙහස. “අමා මෑනි…” යෑයි කී අමරදේවයන් සර්පිනාව අසලට පියමං කළේය. ඔහු එය වයන්නට පටන් ගත්තේ ඒ ගීයද ගයමිනි.

පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ…
වෙසක්‌ පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ…

මේ ගීය තැටිගත කළේ හැඳල විජය චිත්‍රාගාරයේ. මිශ්‍රා කියන පටිගත කිරීමේ ශිල්පියා තමයි එදා හිටියේ. මමත් නන්දා මාලිනිත් ගීතය ගැයුවා. ඒත් පටිගත කිරීම මගදි නතර කරලා. බැලින්නම් ගීයේ රසයට වශීවෙලා මිශ්‍රාට රෙකෝඩ් කරන්න අමතක වෙලා. ඉතින් අපි ආයෙත් මුල ඉඳලම සිංදුව කිව්වා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.