විමලා තනි වුවාය

Wimala Amaradevaඅමරදේව සහ විමලා යනු දෙදෙනෙක් නොව ඒකාත්මික ප්‍රපංචයකි. දැන් නාවින්නේ නාලන්දාරාම පාරේ පිහිටි නිවහන නිසොල්මන්ය. විමලාවන් අමරදේවයන් දරුවෙක් සේ රැක බල ගත් බව ප්‍රකට රහසකි. සියළු ගනුදෙනු කරමින් අමරදේවයන්ට සංගීත ලොව සැරිසරන්නට මග පෑදුවේ විම්ලාවන්ය. කෙළින් කථා කරන ගැහැණියක් සේ ප්‍රකට විමම්ලාවන් නොවන්නට අමරදේව දිවි ගැලා බොහෝ වළ ගොඩැලි වල වටෙන්නට ඉඩ තිබින.

දැන් ඇයට සියල්ල අමතක වෙන අමරදේව’දරුවා ගැන හොයන්න බලන්න ඇවැසි නැත.

සුන්දර අතීත මතක වීදිය දිග ගමන කළහොත්:

Wimala Amaradevaවිමලාවන් කථා කරන්නීය
මා චිත්රෙසේනත් එක්ක වැඩ කළා. කරදිය – නළ දමයන්ති කරනකොට මම හැමදාම උදේට චිත්රාසේන කලායතනයට යන්නෙ කලාභවන අසලින්. එහෙම යනකොට මට ඇහෙනව කලාභවනේ ජන ගී ගායනා කරනව ලස්සනට. ඒ කවි අහල මට හිතුණ මෙයින් දේශීය ගතිය, ගීතයට ගන්න පුළුවන් කියල. විමලා දවසක් ජනකවියක් ගායනා කළා බොහොම මිහිර ඔහු එම ජනකවිය ගායනා කර පෙන්වීය.

ඒ අමරදේව විමලාවන් හමුවූ අන්දමයි
ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ
දුක්දෙන අලිඇතුන් පන්නා දමන්නේ
රැක්මෙන් දෙවියනේ වෙළ බත් බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ

මෙම කවිය ඇහුවට පස්සෙ තමයි මම පි‍ලේ පැදුර ගීතයට සංගීතය නිර්මාණය කෙළේ. ඒක මෙහෙමයි.

පි‍ලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත්දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

Amaradewa Master with Wimala Amaradevaඅමරදේවයන් සංගීතය හැදෑරීමට ඉන්දියාවට ගිය ගමන විමලාවන්ට කිසි දිනක අමතක නොවන බව ඇය පැවැසීය.

මම වසන්ත කුමාර මහත්තයගේ හොඳම ගෝලය. පුහුණු වුණේ කලාභවනෙ. මුද්රාෙ නාට්ය , නැටුම්, ජන ගායනා පුහුණු කළා. කලා භවනෙ ඉස්සරහ වෙනමම වේදිකාවක් හදල තිබුණ. එහෙ තමයි පුහුණු වුණේ. මෙතුමා ඉන්දියාවට යනකොට මල්මාල දාල පිළිගත්තෙ මමයි. තාම මල්මාලෙ තියෙනව පරවෙන්නෙ නැතුව.

ඇය එසේ කියමින් සිනාසෙයි. එවිට අමරදේවයන් ඇය සමග සිනාසුනේ අතීත මිහිරියාව මතකයට නැගීමෙනි. අමරදේවයන්ද අතීතයේ මිහිරි මතකය දිග හැරියේය.

මා චිත්රතසේනලා එක්ක ඕස්ට්රේහලියාවට ගියා කරදිය නල දමයන්ති අරගෙන. ඕස්ට්රේොලියාවේ මෙල්බන් නුවරදී මම මෙයාට ලියුමක් දැම්මා. මං ලංකාවට ආවම විවාහ වෙනව ලෑස්තිවෙලා ඉන්න කියලා.

මෙලෙස එදා සිටම අමරදේවයන්ගේ දුකේදීත් සැපේදීත් ඇය එක්ව සිටියාය.

අද ඇය තනිවී සිටින්නීය.
මීට ටික දිනකට පෙර මේ නිවසේ සැටියේ අමරදේවයන් සමඟ කළ ඒ දෙපළ මාධ්‍යයට හා කළ අවසන් පිළිසඳර
රස මතක අවදි කල මොහොතක් විය.

යළිත් විමලාවන්……….
මෙතුමා එක්‌ක එන්න කළින් මමත් ක්‌ෂේත්‍ර ගණනාවක හොඳට කරණම් ගහපු කෙනෙක්‌. මම ජනගී ගැයුවා ටවර්හෝල් නාට්‍යවල රඟපෑවා නැටුම් කළා සංගීතය කළා. මේ ඔක්‌කොම දේවල් පෙට්‌ටගමක දාලා ලොකු ඉබ්බෙක්‌ දාලා පැත්තක තිබ්බා. ඉන් පස්‌සෙ මෙතුමා පසුපස ආවා.

ඕ මෙසේ පවසද්දී අමරදේවයන් සිනාමුසුව ඒ අසාගෙන සිටියේය.

Wimala Amaradevaමෙතුමා පුංචි බිලිඳෙක්‌ හා සමානයි. තක්‌කඩිකම්, සූත්තර, හොරමැරකම් මොකුත් දන්නේ නෑ. මිනිස්‌සු හඳුනා ගැනීමේ ප්‍රඥාව මට තියෙනවා. මම බොහෝම සෙවිල්ලෙන් ඉන්නේ සමහරු එනවා මෙතුමාට කියලා දේශපාලනයට සම්බන්ධ වොයිස්‌කට්‌ ගන්න සල්ලිදීලාත් ගන්න බැලුවා. සල්ලි මට අලුයම ලූ කෙළපිඬක්‌ හා සමානයි. මම ඒ අයට පහදා දීලා ප්‍රතික්‌ෂේප කළා. ඒ අවස්‌ථාවලදී අනෙක්‌ අය කළ දේ මෙතුමා කළේ නෑ.

ඒ මම මෙතුමා පසු පසින්ම සිටි නිසා. ඒ නිසා තමයි දේශපාලනයටත් මෙතුමා ගියේ නැත්තේ. මම එය උපක්‍රමශීලීව වැළැක්‌ වූවා.

සැබෑවකි…. අමරදේවයන් දේශපාලන වශයෙන් කිසිදු පිලකට නොමැත. ඒ නිසාමය ජනතාවගේ ප්‍රසාදය. ආදරය නොමඳව ඔහු ලබමින් සිටින්නේ.

කොයිවෙලේත් මම මෙතුමා එක්‌ක ඉන්නවා. කාටත් එන්න බෑ මට හොරෙන්. ඒ නිසානේ අදටත් ජනතාවගේ වැඳුම් පිදුම් ලබමින් ලස්‌සනට ඉන්නේ. එතුමා කීකරුව හැදුණ දරුවෙක්‌. හිතුවක්‌කාර නෑ. කියන දේ අහනවා.

එසේ කියද්දී අමරදේවයෝ ඈ වැළකීමට උත්සාහ කරති.

මෙතුමා කැමති නෑ මේවා කියනවාට මම නිතරම එතුමාගේ ලෝකයේ සැරිසරන්න එතුමාට ඉඩදීලා ඉන්නේ. එතුමාගේ ලෝකය ගාන්ධර්ව ලෝකයයි.

ඔහු යළි සර්පිනාව වයමින්………

මුවරද පිපි මල් ගොමු අතරේ නැත ආදරේ

දේදුන්නේ පැහැයේ සඳේ නැත ආදරේ

හඳපානේ ගඟ දිය රැළි අතරේ නැත ආදරේ

මේ ගීතය මහාචාර්ය විමල් දිසානායක හුඟාක්‌ කලින් හදලා දුන්නේ ඈ කීවාය.
දැන් මේ ආදරේ යථාර්තය අප විදිමින් සිටිමු.
ආදරය දුක ගෙන දෙයි.

ඝණ අඳුරේ හුදකලාව
නැඟි කඳුලකි ආදරේ
දැන් ඒ කඳුල නෙතට නැගි වෙලාවයි
විමලාවනි ඔබ තනි නැත
මන්ද අපේ ඇස අගත් ඒ කඳුල නැගී ඇත.

හර්ෂ ධනංජය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.