අගමැති, ජනාධිපති මූල්‍ය අමුදලේ නිත්‍ය නියෝජිතවරිය සමග හදිසි හමුවක….

Eteri-IMFජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට නිත්‍ය නියෝජිත වරිය වූ එතෙරි ක්වින්ට්‍රාඩ්ස්ව ( Eteri Kvintradze) අද (11) හදිසියේ හමුවුණේය.

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුවට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත, පලාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා, එක්ව සිටිහය.

යහපාලන ජාතික රජය බලයට පත්වීමෙන් පසුව රටේ මූල්‍ය විනය ඇති කිරීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් දැනුවත් කිරිම මෙම හමුවේ ප්‍රධාන කටයුත්ත වී යැයි ජනාධිපති ලේකම් කාර්යාලීය ආරංචි මාර්ග පැවසුවේය.

මේ සාකච්ඡාව අතිශය වැදගත් එක්ක බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කොළඹ කාර්යාලය පැවසුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.