අගෝස්තු 01 වතු වර්ජනයක්… තොණ්ඩමාන් වැඩට බහී….

TEA STATE1වතු කම්වකරුවන්තුගේ දෛනික වැටුප් වැඩිකරගැනිම සදහා වතු හාමුපුතුන් හා  වතු ඒකාබද්ධ වෘත්තීය සමිති විසින් පසුගිය 18 වනදා පැවැත්වූ සාකච්ඡා අසාර්ථක විමත් සමග අගොස්තු 1 සිට   වැඩවර්ජනයක් පැවැත්වීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබේ.

මේ වැඩවර්ජන සදහා මූලික දැනුවත් කිරීම් ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොණඩමාන්ගේ මැදිහත්වීමෙන්  මේ වනවිට වතු ආශ්‍රිතව සංවිධානය වෙමින් ඇති බව වාර්තා වේ.

එහෙත් කම්කරු කොංග්‍රසයේම සමහර සාමාජිකයන් මේ වැඩ වර්ජනය එළිපිටම ප්‍රතික්ෂේප කරමින් ඇති බව පැවසේ. ඔවුන් කියමින් සිටින්නේ මීට පෙර දෛනික වැටුප රැපියල් 1000 කරන ලෙස වතු පාලකයන්ට බලකරමින් කම්කරු කොංග්‍රසය සංවිධානය කළ වැඩවර්ජනය අසාර්ථක වූ බවත් ඉන් සිදුවූයේ තමන්ගේ දෙසතියක වැටුප අහිමි වීම පමණක් බවත්ය.

මේ අතර වතු පාලක පක්ෂය කියා සිටියේ රජය මගින් නියම කර ඇති රුපියල් 2500 වැටුප් වැඩිවීම ඉදිරි මාස දෙක තුළදී ලබා දීමට කටයුතු කරන බවය.  ඒ සදහා රජය අඩු පොලී ණයක් යෝජනා කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.