අත්අඩංගුවට පත් නොවන නිලමේ කවුද?…………..

blackශ්‍රී ලංකාවේ පොලිසිය මිනිසුන් කරුණු ඇතිව මෙන්ම නිකරුනේද මිනිසුන් අත් අඩංගුවට ගනිති. මේ බව හෙළිදරව් වන්නේ පොලිස්පති පුජිත ජයසුන්දරටලැබුනු දුරකථන ඇමතුමක් තුලිනි. දැන් ප්‍රශ්නය පාර්ලිමේන්තුවට පැමිණ ඇත. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිලමේ කිසිසේත්ම අත්අඩංගුවට නොගන්නා බව ඔහු සර් කෙනෙකුට කියා සිටී. පොලිස්පතිවරයාට ලැබෙන එම දුරකථන ඇමතුමට ඔහු වේදිකාවේ සිටම මාධ්‍ය ආයතනවල මෛක්‍රෆෝන ඉදිරිපිටදී පිළිතුරු සපයන අතර ඒ හේතුවෙන් ඔහුගේ ඇමතුම දැන් සමාජ වී ඇත.

.‘ඔව්… ආ දෙන්න.‘

‘හෙලෝ… ගුඩ් මෝර්නිං සර්. ඉස් දැට් අ අර්ජන්ට් මැටර් සර්. අයි විල් කෝල් ඉට්. යර්ස්. අයි වෝන්ටඩ් ඩිරෙක්ටර් එෆ්සීඅයිඩී ටු චෙක් ඔන් දැට් ඇන්ඩ් කම් බැක්ටු මී. බට් යෙස්ටර්ඩේ අයි වෝස් ලේට්.‘

‘මට ඒක හම්බවෙනවා සර්. ඒක හින්දා මම ඒ විස්තර ටිකත් අරගෙන අයි විල් කම් බැක්ටු යූ සර්.‘

‘දැට් ඉස් නිලමේස් මැටර්. එන්න කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම සර් ඇරෙස්ට් වෙන්නේ නෑ. මම ඒක පැහැදිලිව කිව්වාpujith-jayasundara ඩිරෙක්ටර්ට. මගෙන් අහලා අවසරයක් නැතිව මිසක් නිකරුනේ ඇරෙස්ට් කරන්න එපා. දැට් ඉස් පර්ෆෙක්ට්. ඉට් ඉස් ඩෙෆිනීට්ලි සර්. යූ වොන්ට් බී ඇරෙස්ට්. නෑ නෑ එහෙම නෑ. මම ඒක අහලා බැලුවා ඉස්සෙල්ලා. ඉට් හැස් ටු බී වෙරි රීසනබල් නෝ සර්. රයිට් සර් අයිල් කම් බැක් ටු යූ සර්‘

මේ සර් ඇමති සාගල රත්නායක බව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. දැන් ඇමති සාගල රත්නායක ගේ පිළිතුර පිළිබඳව අවදියෙන් සිටිමු. පිළිතුර කෙසේ වෙතත් පොලිස් විමර්ශන වල නිරුවත හෙළිදරව් වී ඇත. අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. මෙම ඇමතුම දුන්නේ සාගල රත්නායක නොවේ නම් ඔහු ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බවද අනුර කුමාර දිසානායක මහතා කීය.

මේ සම්බන්ධයෙන් විමසීමට නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද ඔහු රැස්වීමකට සම්බන්ධවී සිටින බව දුරකථනයට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයා ප්‍රකාශ කළේය. මේ පිළිබඳ විමසීමට පොලිස්පතිට දුරකථනයෙන් ඇමතීමට ගත් උත්සාහයද අසාර්ථක විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.