අතීතයෙන් ගඟ ගලා බසී……………………. පණ්ඩිත් අමරදේවයන්ගේ ඡායාරු එකතුවක්

W. D. Amaradevaඅප අතරින් සමුගත් පණ්ඩිත් අමරදේවයන්ගේ ජිවන ගීතයේ අපට හමුවූ ඡායාරුප වලින් බිඳක්. පණ්ඩිත අමරදේවයන් අද මෙලොවින් සමුගත්තද, ඔහුගේ ගීතයන් සදා අප දෙසවන් පිනවනු ඇත. පණ්ඩිත අමරදේවයාණෙනි ඔබට නිවන් සුව.

අතීතයෙන් ගඟ ගලා බසී
සිඳී බිඳී ගල්පර අතරේ
සිනා සිසී සුදු පෙණ පොකුරේ
ගලා බසී ගඟ ගලා බසී

පිපී බිඳෙන දිය බුබුලේ
වලා රොදක දුර ආකාසේ
සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ

පද රචනය – මහගමසේකර

සංගීතය – ගායනය – පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

අධ්‍යක්ෂණය – මහගමසේකර

තුංමං හන්දිය

සසර වසන තුරු නිවන් දකින තුරු ….
පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට…
හේතුවාසනා වේවා, හේතු වාසනා…..

සඳ තරු නිහඬයි.. මුලු ලොව වැලපෙයි..
ඔබට නිවන් සුව

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.