අන්තරයේ විරෝධය බළලුන් ලවා කොස් ඇට බෑවීමක්ද?

University Students Protestපසුගිය 20 වෙනිදා යාපනය කන්කසන්තුරේ මාර්ගයේදී පොලිසියේ  වෙඩි පහරින් යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු වූ නඩරාජා ගජන් හා විජය කුමර් සුලක්ෂන් ඝාතණය කිරීම හෙලා දකිමින්  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දිවයිනේ සියළුම විශ්ව විද්‍යාලවල විරෝධතා කැඳවා තිබින.

ඔක්තෝබර් මස් 26 වෙනි බදාදා කොටුව දුම්රියපළ ඉදිරිපිටදී  පැවැත්වෙන  විරෝධතා උද්ඝෝශණයක් මේ පිළිබඳව හඬක් නගන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියා සිටී.

මෙම ශිෂ්‍ය මරණ සම්බන්ධයෙන් නිසි පරීක් විරෝධතා ෂන පවත්වා වැරදිකරුවන්ට නිසි දඬුවම් පමුණුවන තෙක් තමන් දිගටම විරෝධතා පවත්වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

University Students Protestමේ මැදිහත්වීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ මිශ්‍ර ප්‍රතිචාර පළවෙමින් පවතී. උතරු-දකුණු භේදයක් නොමැතිව  ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම පිළිබඳව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙත ප්‍රසාදය පල කරන සටහන් ලවෙන අතරවාරේ කර්කෂ විවේචනද එල්ල වෙමින් පවතී.

යාපනේ සරසවි සිසුන් පවා දිසාපතිවරයාට කොන්දේසි සහිත ල්පියක් දෙමින් සංවාදයකට එළඹ සිටියදී අන්තරය පාරට  බැසීමෙන් පෙනී යන්නේ ඔවුන් ආණ්ඩු විරෝධී දේශපාලනයේ බළල් අතක් සේ ක්‍රියා කරමින් සිටින බව යැයි විවේචකයෝ කියා සිටිති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.