අනුර සේනානායක තාජුදීන් මරණය වසං කළාද?

Anura sena nayakka_CIරගර් ක්‍රීඩකයකු වූ වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදු වූවක් බවට සාවද්‍යප්‍රවෘත්තියක් නිර්මාණය කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව, තාජුඩීන්ගේ පවුලේ ඥාතීන් පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

මෙම පිරිස අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ අනුර සේනානායක, නාරාහේන්පිට පොලිසියේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සිටින බව පැවසේ.

මීට වසර තුනකට පමණ පෙර මෝටර් රථය අනතුරට ලක්වීමෙන් තාජුඩීන් මිය ගිය බවට එවකට කොළඹ දිශාව භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ අනුර සේනානායකට ප්‍රකාශ කර තිබිණි. ඔහු එවකට රාජපක්ෂ ආණ්ඩුවට සමීපව කටයුතු කරමින් කටයුතු කිරීම පිළිබඳව දැඩි ලෙස කතාබහට ලක්වූවෙකි. රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් සේවා දිගු කිරීම් කිහිපයක් ලබා ගැනීමට ද ඔහුට හැකියාව ලැබුණු අතර කොළඹ පැවැති විරෝධතාවලදී සිදු කළ අමානුෂික පහර දීම් සම්බන්ධයෙන් අධිකරණයෙන්ද දෝෂදර්ශනයට ලක්වූවෙකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.