අප්‍රිකානු සම්භවයක් සහිත කැෆර්වරුන්ට සියලු පුරවැසි වප්‍රසාද හිමියි… ලන්සා……………

african-kaffirsපුත්තලම දිස්ත්‍රික්කයේ සහ වෙනත් ප්‍රදේශවල ජිවත්වන අප්‍රිකානු සමභවයක් ඇති සියලූම පුද්ගලයන්ට ලාංකිකයන් ලෙස රජයෙන් හිමිවන වරප්‍රසාද සියල්ල ලබා දී ඇතැය ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නිමල් ලන්සා පාර්ලිමේන්තුවේදි ඊයේ (17) ප්‍රකාශ කළේය.

රටේ කිනම් ප්‍රදේශයක හෝ වෙසෙන කැෆර්වරුන්ට රජයෙන් ලැබිය යුතු අයිතිවාසිකමක් නොලැබී ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ද ඒ අනුව අවශ්‍ය කටයුතු සලසන බවද ලන්සා මහතා කීවේය.

මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. පුත්තලම දිස්ත්‍රික්කයේ වෙසෙන අප්‍රිකානු සම්බවයක් ඇති පුද්ගලයන් බොහෝ පිරිසකට හිමි ඡන්ද අයිතිවාසිකම් පවා ලැබි නැතැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.