අපි ඇත්තටම දුෂණයට විරුද්ධයි-හර්ෂ

 

e2a45add0a363e6694682cdcdaaf8631_L

 

 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා   රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජය දූෂණය පිටුදැකීමටත්, සොරකම් කරන ලද රාජ්‍ය දේපොළ නැවත අත්පත් කරගැනීමටත්, ඵලදායී ලෙස  අල්ලස් හා දූෂණ මැඬලීම වෙනුවෙන් අදාළ විමර්ශන ආයතනවල ධාරිතාවය වර්ධනය කිරීමටත් කටයුතු කර තිබෙන බව රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියේ පාර්ශවකාර රටවල හයවන සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත  පිරිසේ ප්‍රධානියා ලෙස ඊයේ (03) ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුව ඇමතූ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව  පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා පිළිබඳවත්, පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් ලද ජනතා වරමින් පසුව පිහිටුවන ලද අනිකුත් විමර්ශන යාන්ත්‍රණයන් ගැනත්  නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිවරයා මෙහිදී සැකෙවින් විස්තර කළේය.

නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පැවසුවේ ස්වාධීන කොමිෂන් සභා වල නියෝජිතයින් පත් කරන ආකාරය සහ දුෂණ විමර්ශන කටයුතු වල මන්දගාමී බව පිළිබඳව ප්‍රශ්න කිරීම් මතුව තිබෙන අවස්ථාවකදී.

සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සෙසු සාමාජිකයන් වූයේ එක්සත් ජාතීන්ගේ වියනාහි  ශ්‍රී ලංකා තානාපති/නිත්‍ය නියෝජිත ඒ. එල්.ඒ. අසීස් මහතා, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, සොරකම් කරන ලද දේපොළ අත්පත් කර ගැනීම පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතා, අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත බණ්ඩාර මහතා සහ මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය සමන්ත පතිරණ යන මහත්ම මහත්මීන්ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.