අපි ඕවට නෑ… සුමන්තිරන් පවසයි

 

දිනසේන රතුගමගේsumanthiran1

දෙමළ ජනතා සභාව විසින් යාපනයේදී සංවිධානය කළඑළුග තමිල්විරෝධතාවය හෙවත් දෙමළ ජනතාවගේ නැගිටීම යන ජනතා විරෝධයට දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් කිසිදු සම්බන්ධයක් නැතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්..සුමන්තිරන් පැවසීය.

දෙමළ ජාතික සන්ධානය විසින් රජයෙන් ඉල්ලා සිටින ඉල්ලීම් අන්දමින්ම දෙමළ ජනතා සභාවද ඉල්ලා සිටියත් එය සංවිධානයක් මිස දෙමළ දේශපාලන පක්ෂයක් නොවන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය රජය සමග ව්‍යවස්ථා සංශෝධනයක් සදහාත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදාගැනීම සදහාත් සාකච්ඡා කරමින් සිටින අතරතුර මෙවැනි විරෝධතාවයක් පැවැත්වීම සුදුසු නොවන බව දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතා සභාවට පැවසූ නමුත් ඔවුන් එය නොතැකූ වගද සුමනතිරන් මන්ත්‍රීවරයා පැවසීය.

එළුග තමිල් විරෝධතාවය නිසා දකුණේ ජනතාව දෙමළ ජාතික සන්ධානය පිළිබදව වැරදි අවබෝධයක් ඇති කරගන්නා බව කී මන්ත්‍රීවරයා එවැනි වැරදි අදහස් ඇතිවීම මේ අවස්ථාවේදී සිදු නොවිය යුත්තක් බව  පෙන්වා දුන්නේය.

දෙමළ ජාතික සන්ධානය රජය සමග සාකච්ඡා කරමින් උත්සහ කරන්නේ සියලු ජනකොටස් වලට පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  සියළු දෙනාගේ සහභාගිත්වයෙන් සම්පාදනය කරගැනීමට බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

දෙමළ ජනතාවට එවැනි ව්යවස්ථාවක් ලැබී ඔවුන්ගේ ප්රශ්න රජයෙන් විසදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවටද සුමන්තිරන් මන්ත්රීවරයා විශ්වාසය පළ කළේය.

කෙසේ වෙතත් වත්මන් ජාතික රජයට සහය දැක්වීමට  දෙමළ ජතික සන්ධානය විසින් ගෙන තිබෙන තීරණයේ කිසිම වෙනසක් නැති බව මන්ත්රීවයා වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.