අපි කාගෙවත් ෆෝන් ටැප් කරලා නෑ… සාගල කියයි

sagala-ratnayakeමෙරට අධිකරණයේ ස්වාධිනත්වය සුරක්ෂිත කිරිම රජයේ ප්‍රතිපත්තිය බැවින් එහි විශ්වාසනියත්වයට හා ස්වාධිනත්වයට හානියක් කිරිමට රජය කිසිවිටකත් ඉඩ නොතබන බව නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක   ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොලිසිය හෝ ඊට සම්බන්ධ ආයතන විසින් විනිසුරුවරුන්ගේ දුරකතනවලට සවන් දෙන බව හා විද්‍යුත් තැපැල් ගිණුම් වෙත අනවසරයෙන් පිවිසී ඇති බවට චෝදනා කරමින් පළ වූ මාධ්‍ය වාර්තා ගැන ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම චෝදනාව ඉදිරිපත් කරන පාර්ශව විසින් මේ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් සිදුකර ඊට අදාළ කරුණු දැක්විමක් කරන්නේ නම් ඒ පිළිබඳව විධිමත් හා ස්වාධින පරික්ෂණයක් සිදු කිරිමට ශ්‍රී ලංකා පොලිසියට හැකි බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
එමෙන්ම රජයේ ප්‍රතිපත්තිය වන්නේ මෙරට අධිකරණයේ ස්වධිනත්වය සුරක්ෂිත කිරිම වන අතර නියමයෙන් හෝ අනියමින් මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධිනත්වයට සහ විශ්වාසනීයභාවයට හානියක් සිදු කිරිමට කිසිවටකත් රජය ඉඩ නොතබන බව අවධාරණය කරන්නේ යැයිද ඇමති සාගල රත්නායක   සඳහන් කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.