අමරදේවයන් ගැන මොනවා ලියන්නද ?

 

AMARADEVA1

අමරදේවයන් සිය දිවී මගේ අසු පස් වෙනි ඉම කරා පිය මනින මේ මොහොතේ කුමක් ලියන් නද ?

ජාතියේ ස්වර්ණ ස්වරය යැයි නම් ලද මේ මිනිසා නිහතමානි මිනිසෙක් කියා ලියන්නද ?

මොරටුව කොරලවැල් වඩු මඩුවේ ඇල්බට් පෙරේරා නම්වූ කුඩා දරුවා හරිහැටි පාසැල් නොගියත් තමන්ගේ උත්සහායෙන් ගොඩනගා ගත් දැවැන්ත දැනුමකට හිම්කම් කියන අමරදේවයන් වූ හැටි ලියන් නද?

බොහෝ දෙනා සිංහල සංගීතය යනු කුමක්දැයි වාද විවාද කරමින් සිටින අතරතුර අමරදේවයන් භාෂාවේත් ජන ජීවිතයේත් රිද්ම තේරුම් ගනිමින් සිංහල සුභාවිත සංගීතය නිර්මාණය කිරීමේ පුරෝගාමියා වූ හැටි ලියන්නද?

අමරදේවයන් නමින් විද්‍යයතනයක් ආරම්භ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ බ දන්නා නමුත් ඉන් එහාට සිදු වූ දෙයක් නොවූ බව  ලියන්නද?

මේ සියල්ල ගැන ඇති තරම් ලියා තිබේ එහෙයින් මේ උතුම් ගාන්ධර්වයානන්ට නිදුක් නිරෝගී අනාගතයක් පතමින් අපේ සරතැස නිවාලීමට කළ මෙහය සිහිපත් කරමින් එතුමන්ගේ දෙපා නැමදීම හැර වෙන කිසිත් කිරීමට ඉතිරිවී ඇත්ද?
සැබවින්ම කිසිත් ඉතිරිවී නැත නැත – එහෙත් කිසිත් නොලියා සිටීමට සිත් නොදේ.
ජීවිතයේ අට දශකයක් ගෙවුණු තැන තමත් තමන්ගේ මාධ්‍ය සමග අනවරත අරගලයක යෙදන ආ කාරය ගැන තමත් ඉඩ තිබෙන බව සිතෙන විට සිත හට ගන්නේ මහත් සොම්නසකි.

අමරදේවයන් පසුගියදා මියුරු ස්වරයකට හිමිකම් කියන උමාරියා සිංහවංශ හා හන්තාන සිහිනය ගීතය ගයනා කළේ රසික හද අමන්දානන්දයට පත් කරමිනි.
අනේ !අමරදේව මාස්ටර්ට තාමත් හොඳට සින්දු කියන්න පුළුවනි -රත්නත්‍රරයේම පිහිටයි කියා සැනසුම් සුසුම් හෙළු බොහෝ දෙනෙක් අතර මමද සිටියෙමි.
අමරදේවයන් හා ගැයුමට එක්වූ උමාරියා සිංහවංශ මාධ්‍යට ලබා දුන් මේ සාකච්ඡාව මා කියැවූයේ මේක තව ටිකක් දික්වුනා නම් හොඳයි නම් හිතමිනි .

 

UMARIYA3

 

උමාරියා ගේ අත්දැකීම

පණ්ඩිත් අමරදේවයන් හා ගීතයක් ගයන්න ඔබට මහගු අවස්ථාවක් ලැබුණා. කොහොමද ප‍්‍රතිචාර ?
ප‍්‍රතිචාර නම් ඉතා හොඳයි. එතුමන්ගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම මා ලද ලොකු භාග්‍යයක්.

කොහොමද එවන් අවස්ථාවක් ඔබට හිමි වුණේ?
එතුමගේ පුතා රංජන අයියා තමයි මගෙන් කතා කරලා ඇහුවේ තාත්තා එක්ක සින්දුවක් කරන්න කැමැතිද කියලා. ඔය ඇත්තමද කියලා මම පුදුමෙන් වගේ ඇහුවා. එය සත්‍යයක් කියලා දැනගත්තහම ආයේ කතා දෙකක් නැතුව එවෙලෙම කැමැති වුණා.

එතුමන්ගෙන් ඔබේ සංගීත දිවියට ලැබුණු පිටිවහල ගැන මතක් කළොත්?
ඉගෙන ගන්න නම් ගොඩක් දේවල් තිබුණා.එතුමගේ වයසත් එක්ක බැලූවහම අදටත් එතුමා හරිම ප්‍රොෆෙෂනල්. වෙලාවට වැඩ කරනවා. තවමත් නෝට්ස් ෆෝ නෝට්ස් ගායනා කිරීමේ හැකියාව ඒ අයුරින්ම එතුමන්ට පිහිටා තිබෙනවා.

අමරදේවයිනි ඔබ මේ රට සතු අනගිතම වස්තුවයි -ඔබතුමන්ට චිරං ජයතු !

ලක්ෂාන් චන්ද්‍රප්‍රේම

 

[vsw id=”/4pd8fvJTaXs” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

A song by W.D Amaradeva with Umariya Singhawansa
Lyrics- by Janaka Siriwardana
Music – by Aruna Gunawardana

Lyrics:
බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට
රගමඩල මැත
ඔබේ… දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ…
නොඑනු මැන ළදුනේ

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.