අමරදේව පුතු රංජන පවූලේ රහසක් හෙළි කරයි………….

amaradewa-04-bඅමරදේව පුතු රංජන පවූලේ රහසක් හෙළි කොට ඇත. ඒ සතිඅන්ත පුවත්පතකට කථා කරමින් දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාරදීමේ තීරණය වෙනස් වුනේ කොහොමද ?

“මියගිය දවසක දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට දෙන්න තාත්තා සහ අම්මා කතා වෙලා ඉන්න ඇති. අම්මා අපට කීවේ ඒ තීරණය ඉටු කරමු කියලයි. නමුත් තාත්තා අපේ වුණත්, අපට අයිති නැහැ කියලා ඒ මොහොතෙම අපි හැමෝටම තේරුණා. තාත්තා රටට අයිති සම්පතක්.

ඒ වගේ ආදරණීය ප්‍රසිද්ධ කෙනකුගේ දේහයක් වෛද්‍ය විද්‍යාලයට දුන්නත්, භාරගන්න ලොකු කැමැත්තක් වෛද්‍යවරුන්ගේ නැති බවත් අපට තේරුණා. මොකද අමරදේව සර්ට කොහොමද ඒ දේ කරන්නේ කියන ගැටලුව එයාලටත් තිබුණා. අන්තිමේ දී තාත්තාට ආදරය කළ මේ රටේ මිනිස්සු වෙනුවෙන් තීරණය වෙනස් කරන්න අපේ අම්මා කැමැති වුණා.

අමරදේවයන්ගේ දේහය සංරක්ෂණය කරමු කියලත් කාගෙන් හරි යෝජනාවක් ආවාද ? ඒ අදහසට නම් අපි කවුරුත් විරුද්ධ වුණා. මොකද එක අතකින් ඒක අපේ සංස්කෘතිය නමෛයි. අනික් අතට අමරදේවයන්ගේ නිර්මාණ සහ එතුමාගේ දර්ශනය මිස නිසල දේහය කල් තබා ගැනීම පුහු වැඩක් කියලයි අපට හිතෙන්නේ”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.