අයවැයේ සැඟවුණු අතුරු කථා

 

 

ravi

 

ජනාධිපතිවරයාට ප්‍රශ්නයක්‌ වී තිබුණේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු බහුතරයක්‌ මෙම අයවැයට එරෙහිව රටේ ප්‍රබල හඬක්‌ නඟන්නට පටන්ගෙන තිබීමයි. ඔවුන් අයවැය පතුරු ගසමින් රට පුරා යමින් ජනතාව දැනුවත් කිරීම ජනාධිපතිවරයාට දිරවාගත නොහැකි ප්‍රශ්නයක්‌ විය.

ජනාධිපති මෛත්‍රී සමඟ මෙහිදී වැඩිපුරම ළඟින් සිටිමින් කටයුතු කළේද එජාප ඇමැතිවරු නොවේ. ශ්‍රීලනිපයේ සිට යහපාලන ආණ්‌ඩුවට පැමිණි ජනාධිපතිවරයාගේම හිතවතුන්ය. දුමින්ද දිසානායක ප්‍රමුඛ එස්‌.බී., අමුණුගම, නිමල් සිරිපාල, දයාසිරි, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, නාවින්න ඇතුළු ඇමැතිවරු පොකුරක්‌ම විවිධ මෙහෙයුම්වල නිරතව ජනාධිපතිවරයාට සහය දෙමින් සිටියහ.

ඒ අතර විපක්‌ෂයේ සිටින අයවැයට විරුද්ධ කල්ලිය වෙනුවෙන් නොයෙකුත් ආකාරයේ විනය නීතිමය බාධාද නොතිබුණා නොවේ. එක්‌ විටක තර්කයක්‌ මතු වූයේ අයවැයට විරුද්ධ වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට විරුද්ධව පක්‍ෂයට විනය ක්‍රියාමාර්ග ගත හැකි බව අවධාරණය කරමිනි. තවත් විටෙක යම් යම් කටකතා මගින්ද ලොකු විරෝධයක්‌ මේ මන්ත්‍රීවරුන්ට එරෙහිව තිබිණි. ඒවායින් කියෑවුණේ පිරිසක්‌ විරුද්ධව සිටියත්, තවත් පිරිසක්‌ පැමිණ දැනටමත් අයවැයට සහාය දීමට එකඟව ඇති බවය. ඒ වෙනුවෙන් වරප්‍රසාද සහ ඇමැතිකම්ද නුදුරේදී ඔවුන්ට ලැබෙනු ඇති බව එම ආරංචි මාර්ගවලින් කියෑවිණි.

රටගිය අයත් ඡන්දෙට පැමිණිලා

කටකතා කෙලෙස පැතිර ගියත් විපක්‌ෂයද සටන අතහැරියේ නැත. ශ්‍රීලනිපයේ පරණ මල්බෙරි කල්ලියේ ක්‍රියාකාරීන් මෙහිදී යළි මතුවෙමින් සන්ධානයේ අනෙක්‌ බලවේගය වන විමල්, දිනේෂ්, වාසු, ගම්මන්පිල එකමුතුව හා අත්වැල් බැඳ ගනිමින් ලොකු ප්‍රතිරෝධයක්‌ ගොඩනඟමින් සිටියහ.

මේ වන විට සමහර මන්ත්‍රීවරු සිටියේද විදේශ සංචාරවල නිරතවය. විශේෂයෙන් පසුගිය 27 වැනිදා විමල් වීරවංශ මන්ත්‍රීවරයාද සිය යුරෝපීය සංචාරය පටන්ගෙන තිබිණි. විමල්ට යුරෝපීය සංචාරය කලින් වතාවේ යථාර්ථයක්‌ කර ගැනීමට නොහැකි වූයේ හොර පාස්‌පෝට්‌ සිද්ධිය නිසාය. එය හැඳින්වුණේ එම නමිනි. එහෙත් විමල් සටන අතහැරියේ නැත. සිය අඩුපාඩු නිසි පරිදි සපුරා ගත් විමල් යළි විදේශ සංචාරය ආරම්භ කළේය. 27 වැනිදා ඔහු බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගියේ පක්‍ෂයේ ජාත්‍යන්තර අංශය භාර සංවිධායක අතුල සුමතිපාල මහතාගේ මඟපෙන්වීම මතය. එංගලන්තයේදී විමල්ගේ සංචාරයේ සියලුම ජනහමු හා රැස්‌වීම් සංවිධානය කරනු ලැබුවේ ජනිපෙ ලන්ඩන් ශාඛාවේ මෙත්සිරි විඡේරත්න හා වජිර කමල් ජයරත්න යන දෙදෙනා විසිනි.

ලන්ඩන් ලිවර්µQල් නගරයේ දී මුලින්ම විමල්ගේ ජනහමුව පැවැත්විණි. “සුද්දන්ගේ උසාවිය හා ජාතියේ අවනඩුව” යන මාතෘකාව යටතේ ඔහු ජනහමුවල කතා කළේ ලංකාවේ මේ වන විට සිදු වෙමින් පවතින දේශපාලන ප්‍රතිසංස්‌කරණද මාතෘකා කරගනිමිනි.

විමල්ගේ සංචාරය එංගලන්තයෙන් පටන්ගෙන ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය හරහා මුළු යුරෝපය පුරාම විසිර තිබුණත්, ඔහුට හදිසියේම ලංකාවෙන් ලැබුණු පණිවිඩයක්‌ නිසා සියල්ල අතරමඟ නවතා යළි ලංකාවට එන්නට සිදුවිය. ඊට හේතුව මෙවර අයවැය ප්‍රශ්නයයි. ඊට මැදිහත් වීමට ඔහු පසුගිය 01 වැනිදා රාත්‍රියේ ලංකාවට පැමිණියේය.

සති කිහිපයක සංචාරයක නිරත වෙමින් විදේහගතව සිටි ප්‍රසන්න රණතුංගද ලංකාවට පැමිණියේ එදා රාත්‍රියේය. පසුදා උදෑසන මේ සියලුම දෙනා පාර්ලිමේන්තුවට ගියේ ලොකු බලාපොරොත්තුවක්‌ සහිතවය. එක්‌සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රීලනිපයේ මන්ත්‍රී කල්ලිය සිටියදී අයවැය පරාජය කළ නොහැකි වුවත් ශ්‍රීලනිපයේ විරුද්ධ පක්‍ෂය එකට එකතු වී විමල්ලා, දිනේෂ්ලා, වාසුලා සමඟ ඊට විරුද්ධ වීම ඔවුන්ගේ එකම අභිප්‍රාය වී තිබුණහ.

ජවිපෙ විරෝධයත් අයවැයට හරස්‌ වෙයි

පසුගිය සතියේ ජනතා විමුක්‌ති පෙරමුණද සිය ස්‌ථාවරය පැහැදිලි කළේය. මහින්ද රාජපක්‌ෂ බලවේගයට එරෙහිව යෑයි කියමින් මෙතෙක්‌ කලක්‌ යහපාලන ආණ්‌ඩුව සමඟ ලොකු දීගයක්‌ කමින් සිටි ජවිපෙ සමාජ යථාර්ථයට හිස නමන්නට කල්පනා කළේය. එහිදී මේ අයවැයේ තිබෙන අඩුපාඩු නිවැරැදිව වටහාගත් ජවිපෙ ද තද තීන්දුවක්‌ ගත්තේය. මෙතෙක්‌ කල් රජය සමඟ තිබූ හිතවත්කම් දේශපාලනයේ දී අමතක කළ ඔවුන් අයවැයට විරුද්ධව සිය විවේචන දැඩි ලෙස එල්ල කරන්නට පටන් ගත්තේය. ඒ අනුව ඔවුන් ඊට එරෙහිව ඡන්දය දෙන බවද අනාවරණය කළේය.

අයවැය දිනවන්න ජනපති ඉල්ලයි

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම වෙනුවෙන් ද මෙවර අපේ දේශපාලන කතිකාව තුළ ලොකු උනන්දුවක්‌ ඇතිව තිබිණි. පසුගිය දිනවල පැවැති විවාදයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ විපක්‍ෂයේ මන්ත්‍රීවරු එකහෙළාම කියා සිටියේ අයවැයට විරුද්ධව ඡන්දය දෙන බවය. ඒ සඳහා මන්ත්‍රීවරු 48 දෙනෙක්‌ එකඟතාවයක සිටින බව සන්ධානයේ විපක්‍ෂ කණ්‌ඩායම කල්තියා නිවේදනය කර තිබිණි.

විශේෂයෙන්ම බන්දුල ගුණවර්ධන, ඩලස්‌ අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ, කුමාර වෙල්ගම, මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරු විශාල පිරිසක්‌ විමල්, දිනේෂ්, වාසු, ගම්මන්පිල කණ්‌ඩායම සමඟ එක්‌ව සමාජයේ ලොකු සංවාදයක්‌ ගොඩනඟා තිබෙන බව පැහැදිලි වූහ. අයවැයට එරෙහිව ඡන්දය දෙන්නේ ඇයිද යන කාරණය ඔවුහු එළිපිටම ඉතා තාර්කිකව හා පැහැදිලිව ප්‍රකාශ කර සිටියහ.

එහෙත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මෙහිදී සන්ධානයේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් හා පාර්ශ්වවලින් ප්‍රබල ඉල්ලීම් දෙකක්‌ කර තිබිණි.

ඉන් එකක්‌ වුණේ මෙම අයවැය තම නායකත්වයෙන් පවතින රජයකින් ඉදිරිපත් කරන ප්‍රථම අයවැය බැවින් ඊට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරන ලෙසයි. එහෙත් ඊට එරෙහිව පක්‍ෂය ඇතුළෙන්ම නැඟුණු විරෝධතාවය නිසා ජනාධිපති මෛත්‍රීපාල දෙවන ඉල්ලීම ද ඉදිරිපත් කර සිටියේය.

එහිදී කීවේ විවිධ කරුණු කාරණා සහ හේතු මත මේ අයවැයට එකඟ විය නොහැකි නම් විරුද්ධ නොවී ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙසය. පසුගිය දින ගණනාවක්‌ තිස්‌සේම මේ ඉල්ලීම් දෙක සන්ධානය තුළ විවිධ මට්‌ටම්වලින් සාකච්ඡාවට ගැනෙමින් තිබිණි.
Rajapaksa_AP_2281618f
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම තිබුණේ ඉකුත් 02 වැනි බදාදාය. එදා උදෑසන තමන්ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම හමුවීමට අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කල් තියා දැනුම් දී තිබිණි. ඒ අනුව මන්ත්‍රීවරු සිටියේ ජනාධිපතිවරයා සමඟ කතා කර අයවැයට විපක්‍ෂ වීම සම්බන්ධ ප්‍රශ්නයේ අවසන් එකඟතාවයකට පැමිණීමටය.

මේ අතරතුර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සන්ධානයේ නිලධාරීහු විවිධ තැන්වල විවිධ මට්‌ටමේ ප්‍රකාශයන් කරමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කරන්නට ද පටන්ගෙන තිබිණි. අයවැයට විරුද්ධ වන අතට එරෙහිව පක්‍ෂය විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ඒ හැම ප්‍රකාශයකින්ම කියවිණි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළේ ද “විරුද්ධ වීම” හෝ “පක්‍ෂවීම” පිළිබඳ ලොකු දෙගිඩියාවක්‌ තිබිණි.

බදාදා උදේ සන්ධානයේ විපක්‍ෂ කණ්‌ඩායමේ සිටින ශ්‍රී ලංකා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ගියේ ජනාධිපතිවරයා හා ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක්‌ ගන්නා බලාපොරොත්තුවෙනි. උදේ 10.00 ට පාර්ලිමේන්තුවේ කොමිටි රූම් 4 දී මේ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබූ නිසා ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 31 දෙනෙක්‌ 10.00 වන විටම පැමිණ සිටියහ.

10.20 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම රැස්‌වීමට පැමිණියේ එස්‌. බී., අමුණුගම, දයාසිරි, දුමින්ද, නාවින්න, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න හා නිමල් සිරිපාල ද සමඟය. ඒත් සමඟම තවත් මන්ත්‍රීවරු තිදෙනෙක්‌ ඇතුළට ආහ.

“මට එන්න ටිකක්‌ ප්‍රමාද වුණා. ඒ වුණත් මම කියන්න ඕන හැම දෙයක්‌ම මීට පෙරත් ඉල්ලීමක්‌ විදියට කරලයි තියෙන්නේ. මම කිව්වේ බලකිරීමක්‌ නොකර ඡන්දය අයවැයට පක්‍ෂව දෙන්න කියලයි. එහෙම නොහැකි නම් අඩුම තරමින් අයවැයට ඡන්දය දීමෙන් වැළකී ඉන්න. ඒක මගේ ඉල්ලීමක්‌. මගේ අදහස මම කිව්වා. දැන් මම කැමතියි ඔයගොල්ලන්නේ අදහස දැනගන්න. ජනාධිපති කීවේය.

මුලින්ම කතා කළේ බන්දුල ගුණවර්ධනය. ඔහුq එකින් එක ගෙන අයවැයේ ගණන් මිනුම් හා අඩුපාඩු පෙන්වා දෙමින් ලොකු පැහැදිලි කිරීමක්‌ කරනු ලැබීය. ප්‍රායෝගික නොවන තැන් පෙන්වා දුන්නේය. සංඛ්‍යා ලේඛනවලින් පාර්ලිමේන්තුව රවටා ඇති අයුරු පෙන්වා දුන්නේය. මෙයට පක්‍ෂ විය නොහැකි බව ඔහු කීවේය.

ඩලස්‌ අලහප්පෙරුම කීවේ මේ කරුණු කාරණා නිසා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට මෙම අයවැයට එකඟ විය නොහැකි බවය.

හරි…. තවත් මොනවද අදහස්‌ තියෙන්නේ… ජනාධිපති ඇසීය.

සර්..තේ රබර්වලට ගෙවනවා කියපු සහතික මිල මාස දෙකක්‌ ගෙවල නතර කරපු නිසා අපිට ගම් පළාත්වලට දැන් යන්න බෑ. රමේෂ් පතිරණ කීවේය. වෘත්තිකයන් සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දු ගැන ද රමේෂ් කරුණු කීවේය.

ඔබතුමාව මේ අයවැය විසින් හෑල්ලුවට ලක්‌ කරලා තියෙනවා. ඔබතුමා පරිසර ඇමැති හැටියට ලෝක පරිසර සමුළුවලට ගිහින් කතා කරනවා පරිසර සංරක්‍ෂණය ගැන. ඒ අතරේ මුදල් ඇමැති පරිසර හිතකාමී වාහනවලට 100% ක බද්දක්‌ ගහනවා. මේක භයානක වංචාවක්‌. මරුටි කාර් එකට ලක්‍ෂ 2 යි. ඉලෙක්‌ටි්‍රක්‌ වාහනයට ලක්‍ෂ 25 ක්‌ බදු ගහනවා. ලෝකෙම පරිසර හිතකාමී වාහනවලට සහන දෙන වෙලාවේ ඊට එරෙහිව බද්දක්‌ ගහපු එකම රට ලංකාව විදියට ඉතිහාසගත වෙනවා… කෙහෙලිය පෙන්වා දුන්නේ මෙය පරිසර ඇමැතිවරයාට කළ ෙද්‍රdaහිකමක්‌ හැටියටය.

මරුටි ඒජන්සිය අරන් ඉන්නේ ආණ්‌ඩුවේ ඇමැතිවරයකුගේ මස්‌සිනා කෙනෙක්‌. එයාට මරුටි කාර් එක විකුණලා දෙන්න කරපු බිස්‌නස්‌ එකක්‌. කෙහෙලිය දිගින් දිගටම කීවේය.

මේ අයවැය පුරාම රවී හා යූ. ඇන්. පී. එක අපට පහර දුන්නා. අපහාස කළා. දැන් අපේ සහයෝගය ඉල්ලනවා. මේක ඇතුළේ ඔබතුමාගේ ප්‍රතිපත්ති නෑ. මෙතන තියෙන්නේ රනිල්ගේ වැඩපිළිවෙළ. මේකට මොකටද අපි ඡන්දය දෙන්නේ. මහින්දානන්ද කීවේය.

කෙහෙලිය නැවතත් කතා කළේය. මේක ඩීල් අයවැයක්‌. එක පැත්තකින් කැසිනෝවල බදු රු. 200 කින් වැඩි කරලා තියෙනවා. අනික්‌ පැත්තෙන් “රෙජිනෝ” වල බද්ද 200% තිබුණ නේ. ඒක 5% කළා. රෙජිනෝවලට සහන දෙනවා.

මොනවද රෙජිනෝ කියන්නේ…

රෙජිනෝ කියන්නේ අර හුළුගල්ලගේ හිතවතියක්‌ කරගෙන ගිය සූදුවක්‌. භයානක සූදුවක්‌. ඇමැතිතුමාගේත් හිතවතියක්‌ කරන්නේ.

මේ අතර නැවතත් ඩලස්‌ කතා කළේය.
dullas-alahapperuma-300x225
මේ අයවැය බලනකොට ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තාමත් ශ්‍රී ලංකා එකට එකඟ වෙන්න බෑ. අපේ පක්‍ෂයට ගැළපෙන්නේ නැහැ. ඔබතුමාගේ චින්තනයක්‌ නෑ. මෙහි තියෙන්නේ වික්‍රමසිංහ ජයවර්ධන චින්තනයේa අංග විතරයි. මේකට ලොකු විරෝධයක්‌ තියෙනවා. අයවැයෙන් බඩු මිල අඩු කරනවා කිව්වා භාණ්‌ඩ 8 ක. නමුත් ඔය කියන එකම බඩුවක්‌වත් ඔය කියන මිලට නැහැ. එම කඩවල්වල බිල් ගෙනත් පෙන්නුවා. අපිට ගමට යන්න බැහැ මේවාට අත උස්‌සලා.

ඩලස්‌ එසේ කියද්දී ජනාධිපතිතුමන් තමන් සමඟ ආ ඇමැතිවරු දෙස බැලීය. ඔවුන් ද මුහුණට මුහුණ බලා ගත්හ.

එස්‌. බී. ඇමැතිතුමා දිවිනැඟුම බැංකුව එච්. එන්. බී. එකට බාර කරනවාට ඔබ එකඟයිද… බන්දුල ඇසුවේය.

නැහැ… මම එකඟ නැහැ… විරුද්ධයි…. එස්‌. බී. කීවේය.

රෝහිත අබේගුණවර්ධන කතා කළේ සුද්දන්ට ඉඩම් විකිණීම ගැනය. මෙහෙම වුණොත් අපට වැල්ල පාගන්නවත් මුහුදු වෙරළට යන්න බැරිවෙයි කියා ඔහු කියද්දී ඊට එරෙහි වෙමින් නිමල් සිරිපාල කතා කරන්න පටන් ගත්තේය.

නෑ නෑ මුදල් ඇමැතිතුමා කිව්වා බිලියන 2 කට වඩා සල්ලි ගෙනාවොත් විතරයි ඉඩම් දෙන්නේ කියලා. නිමල් කීවේය.

නැහැ නැහැ කොහෙද එහෙම කියල තියෙන්නේ. බොරු. මුදල් ඇමැති කිසි තැනක එහෙම කිව්වේ නැහැ…. මන්ත්‍රීවරු කීහ.

ජනාධිපතිතුමාව රවට්‌ටන්න එපා ඔයගොල්ල මන්ත්‍රීවරු කීහ.

ඉන්පසුව ලොකුගේ හා විමලවීර දිසානායක කතා කරන්නට වූහ. ඉන් පසු අමුණුගම පැහැදිලි කිරීමක්‌ කළේය.

බයවෙන්න එපා.. මේක අවසන් තීන්දුව නොවෙයි. කාරක සභා අවස්‌ථාවලදී මේවා හදාගන්න පුළුවන් කලබල වෙන්න එපා කියමින් අමුණුගම තත්ත්වය පාලනය කරන්නට කතා කළේය.

මේ ඇමැතිතුමා ජනාධිපතිතුමාව මුලාකරන්න හදන්න එපා. කවදද එහෙම වුණේ. මමත් මුදල් අමාත්‍යාංශයේ හිටියා. ඔබත් හිටියා. කවදද කාරක සභා අවස්‌ථාවේ මේවා වෙනස්‌ වුණේ කියල කියන්න. බන්දුල තර්ක කළේය.

මේ අයුරින් ලොකු වාදයක්‌ ඇති විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් වංචාවක්‌ පෙන්වා දුන්නේය.

ඩලස්‌ ද කීවේ අධ්‍යාපනයට වෙන්කර ඇත්තේ 6% ක්‌ නොව බිලියන 64 ක්‌ වන බවය. එය ප්‍රතිශතය සියයට දශම ගණනක්‌ බව පෙන්වා දුන්නේය. මේවා මුලා කිරීම් බව කීවේය.

අමුණුගම ඇමැතිතුමා තමුන්නාන්සෙට එකක්‌ කියන්නම්. තමුන්නාන්සේ යූ. ඇන්. පී. එකේ ඉඳල ආවේ තමුන්නාන්සේට මේක හරි ඇති. නමුත් අපි ශ්‍රී ලංකාකාරයෝ. අපට මේක හරි නෑ. තමුන්නාන්සේලා ජනාධිපතිතුමාගේ මොළේ අවුල් කරන්න එපා. කුමාර වෙල්ගම තරමක්‌ ආවේගයෙන් කියද්දී අනිත් මන්ත්‍රීවරු නැගිට කෑගැසූ නිසා සභාව එකම ගාලගෝට්‌ටියක්‌ බවට පත්විය.

මේ නිසා ජනාධිපතිතුමාට මැදිහත් වී සභාව සන්සුන් කරන්නට සිදුවිය. අමුණුගමට නිහඬ වන්නැයි ඔහු සංඥ කළේය.

 

හොඳ සාකච්ඡාවක්‌ වුණා

හරි… මේ කතාව මීට වඩා එහා ගෙන යන්න ඕන නැහැ. මම ඉල්ලීමක්‌ කළා. තමුන්නාන්සේලා ඊට කරුණු කිව්වා. කොහොම වුණත් මෙතන හොඳ සාකච්ඡාවක්‌ වුණා. ඒක වටිනවා. මේ වගේ සාකච්ඡා තමයි මාසෙකට සැරයක්‌වත් වෙන්න ඕන… අපි හමුවෙලා කතා කරමු කියමින් ජනාධිපතිවරයා රැස්‌වීම හමාර කළේය.

ඒ අතර තවත් අවනඩුවක්‌ ද කියමින් කතා කළේ ඩලස්‌ අලහප්පෙරුමය.

මේක දුෂ්කර කාරණාවක්‌. ඔබතුමා කිව්වා කියල ඇවිල්ල මේ ලක්‍ෂ්මන් සෙනෙවිරත්න පාර්ලිමේන්තුවේ වාද විවාදවලදී අපේ නම් කපනවා. වෙලාව අඩු කරනවා. ඔබතුමා මෙයාට බලයක්‌ දීල තියෙනවද එහෙම කරන්න. මෙයා එහෙම කරන්න කවුද? කවුද බලය දුන්නේ. මෙයාට කිසිම අයිතියක්‌ නෑ. ඒව කරන්න.

ඩලස්‌ කියනවාත් සමඟම කථික ලැයිස්‌තු සෑදීම ගැන ලොකු විරෝධයක්‌ සභාවේ ලක්‍ෂ්මන්ට මතු විය…. ලොකු විරෝධයක්‌ නැගිනි.

මම තමයි මේක කරන්නේ. කථිකයෝ ගැන නියෝජ්‍ය කථානායකවරයා සමඟ කතා කරල මම කළා. මම කරනවා හොඳ නැත්නම් විපක්‍ෂයේ වෙන කෙනකුට දෙන්න. හැබැයි ලක්‍ෂ්මන් සෙනෙවිරත්නට මේ බලය දෙන්න එපා… ඩලස්‌ කීවේය.

මේ වෙලාවේ ජනාධිපතිවරයා මැදිහත්ව සභාව සන්සුන් කර විසුරුවා හැරියේය. ජනාධිපතිවරයා සමඟ ආ පිරිස ඒ අතර විසිර ගියහ.

සභාව විසිර ගියහ. ඒ අතර ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු සිටියේ ලොකු විරෝධයකිනි.. ජනාධිපතිවරයා සමඟ පැමිණි පිරිස ගැන ද අපූරු කතාබහක්‌ එතන ඇතිවිය.

ඔතන ජනාධිපතිතුමා එක්‌ක ඇමැතිවරු 6 දෙනෙක්‌ ආව නේ. ජනාධිපතිතුමා එක්‌ක ආවේ 7 යි එතනින් නිමල් සිරිපාල ඇරෙන්න අනිත් 6 දෙනාම එක සැරයක්‌ හරි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට විරුද්ධ වෙලා තියෙනවා. දැන් එනවා පක්‍ෂය රකින්න කතා කරන්න. නිමලුත් ඉස්‌සරහට මොනවා කරයිද කියල දන්නේ නැහැනේ… මන්ත්‍රීවරයෙක්‌ කීවේය.
dfhdravi
ජනාධිපති මෛත්‍රීපාල අයවැය ඡන්දය පැවැත්වුණු බදාදා මුළු දවසේම සිය කාලය ගත කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේය. උදේ පටන් ඔහුට හමුවීම් හා රැස්‌වීම් ගණනාවක්‌ ම තිබිණි. ඒ සියල්ලට පසු වාද විවාදවලින් අනතුරුව අයවැය ඡන්ද විමසීම සිදුවන ආකාරයද ඔහු අධීක්‍ෂණය කරමින් සිටියේය.

කෙසේ වෙතත් මොන මොන විරෝධතා නැගුණත් බදාදා පස්‌වරුවේ රජයේ 2016 සඳහා වන නව අයවැය තුනෙන් දෙකක බහුතරයක්‌ ලබමින් ඡන්ද 159 කින් සම්මත විය. ඊට එරෙහිව විපක්‌ෂව ලැබුණේ ඡන්ද 52 ක්‌ පමණි. අයවැය දෙවැනි වර කියෑවීම සම්මත විය. මේ නිසා ජනාධිපති මෛත්‍රී මෙන්ම අගමැති රනිල්ද මහත් ප්‍රමෝදයට පත්වී සිටියහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.