අයිස් වැස්සක් සමග හැමූ සුළි සුළං වඩිනාගල කළඹයි…

DSC_0408

අම්පාර  දිස්ත‍්‍රික්කයේ දමන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  කිව්ලේගම වඩිනාගල ජයන්ති වැව  සහ කරඹාන යන ප‍්‍රදේශවලට ඊයේ (30) සවස    අයිස් කැට සහිත තද වැස්සක්  හා සුළි සුළං තත්වයක් ඇති විය. මේ සුළි සුළ`ග  නිසා නිවාස 2 මුලූමනින්ම විනාශ වූ අතර තවත් නිවාස 20කට හා     වඩිනාගල ධිවර  සමිති ගොඩනැගිල්ලට  බරපතල හානි සිදුවිය.

සවස  4.45ට පමණ තද වැස්සක් ඇතිව අයිස් කැට පතිතව තිබේ. ඒ සමගම  විනාඩි 05ක් වැනි කෙටි කාලයක්  හැමු තද සුළගෙන් මෙම හානිය සිදුව ඇත.  ඉ`ගිණියාගල   වඩිනාගල මාර්ගය හා   අතුරු මාර්ග රැසකට ගස් කඩා

සිරිපාල
සිරිපාල

වැටිණි.   ප‍්‍රදේශයේ ස්ථාන බොහෝමයක විදුලි බලය විසන්ධිව විය.

වඩිනාගල ජයන්ති වැව  තොටුපොලෙහි නවතා තිබු ඔරු දෙකක් මෙම සුළ`ග නිසා අතුරුදහන්ව ඇත.

ධීවර සමිතියේ හිටපු සභාපති පී.ඩී සිරිපාල කීවේ එක්වරම අයිස් කැට සහිත වැස්සක් ඇති වූ බවය.

පියතිලක
පියතිලක

සවස 4.45ට විතර වැස්සක් ඇති වුනා. ඒ සමගම අයිස් කැට වැටෙන්න ගත්තා. ඒ එක්කම සුදු පාටට මීදුමක් වගේ තද සුළ`ගක් ආවා. අපි  දහ දෙනෙක් විතර ධීවර ගොඩනැගිල්ල තුළ හිටියේ.  හුළ`ග හමද්දි වහලේ සිවිලිම ගැලවෙද්දි එළියට ආවා. ඒ සමගම එළියේ වහලයේ ගහලා තිබ්බ සිවිලිම කඩාගෙන වැටුණා අපි හත් අට දෙනා යන්තම් අල්ලලා  තුවාල නොවි බේරුණා. ධීවර සමිති ගොඩනැගිල්ල වහලයේ කොටසක් ගලවා ගෙන ගියා. වැසිකිලියේ වහලය මු“ඵමනින්ම හුළ`ගට ගසාගෙන ගිහිල්ලා. ධිවර සමිතියේ තිබ්බ උපකරණ තෙමිළා ගන්න දෙයක් නැහැ. විනාඩි දෙක තුනක් යද්දි සුළ`ග නතර වුනා. වැස්සත් විනාඩි 10ක් විතර යද්දි නතර වුනා. ලක්ෂ 03ක විතර හානියක් අපේ ගොඩනැගිල්ලට සිදුව තිබෙනවා … සිරිපාල කීවේය.

deewara samithi gdanegillata hani siduwa athi akarayaධිවර සමිතියේ සභාපති කේ. එම් පියතිලක  එම අත්දැකීම විස්තර කළේ මෙසේය.

ඒ හුළ`ග හරි සැරේට අවා.   තොටුපොලේ නතර කරලා තිබ්බා දැල් සහ ඔරු හුළ`ගට විසි වෙනවා දැක්කා. ඒ එක්කම එක ඔරුවක් උඩින් ඇවිත් තොටුපොළ අයිනේ හදලා තිබ්බා අපේ කැන්ටිමේ වහලයට වැටුණා  තව ඔරුවක් වැවේ වේල්ල අයිනේ ගල් තලාවට  ගිහිල්ලා. එතනට    කිලෝමීටරයක් වගේ දුරක් තියෙනවා.   මගේ ඔරුවයි තවත් කෙනෙකුගේ ඔරුව මැද්දෙන් කැඩිලා ගිහිල්ලා.

දමන ප‍්‍රාදේශීය ලේකම් සොයිසා සිරිවර්ධන   කීවේ සිදුවූ හානි පිළිබ`ද සොයා බලා විගස සහන සැලසීමට කටයුතු කරන බවය.

සුසන්ත අමර බන්දු අම්පාර

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.