අය – වැය යලිත් සංශෝධනයට? ඉලෙක්ට්‍රික් කාර් බද්ධ ඉවතට.

Nissan_Leafඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා තිබූ සියයට 5 තීරු බදු ගාස්තුව, 2016 අයවැය යෝජනා අනුව සියයට 50 දක්වා ඉහළ නැංවීම අවලංගු කිරීමට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබේ.

පාර්ශව ගණනාවකින් කෙරුණු ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගැනීමට රජය පියවර ගත් බව මේ සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සමසභාපති කෝකිල දීකිරිවැව මහතාගෙන් මේ පිළිබඳ සඳහන් කළේ ජනාධිපතිවරයාගේ සියයට 50ක තීරුබදු ගාස්තුව ඉවත් කිරීමේ යෝජනාව බලාත්මක වීමට නම් මුදල් ඇමතිවරයාගේ අනුමැතිය ඊට හිමිවිය යුතු බවයි.

“පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති 50% තීරුබදු ගාස්තුව ඉවත් කිරීමට යෝජනාවක් ජනාධිපතිතුමන් විසින් කර තිබෙනවා. මෙම යෝජනාව බලාත්මක වීමට නම් මුදල් ඇමතිවරයාගේ අනුමැතිය ඊට හිමිවිය යුතුයි.“ යැයිද හෙතෙම පැවසී ය.

“මෙලෙස බදු සංශෝධනයක් සිදුවනවා නම් නිෂ්පාදන විශේෂ බදු විධිවිධාන පනතේ 3C උපවගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා ඒ බව රේගුවට ඒ බව දැනුම් දිය යුතුයි. එය අත්සන් කිරීමේ බලය ඇත්තේ මුදල් ඇමතිවරයාට පමණයි. තම දැනුම පරිදි මුදල් අමාත්‍යවරයා මේ වන විටත් පසුවන්නේ විදේශගතවය. මුදල් අමාත්‍යවරයා විදේශගතව සිටින බැවින් එවැනි නියෝගයක් මේ දක්වා සිදුවී නැති බව දැනගන්නට ලැබී තිබෙනවා“ යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.