”අරලිගහ මැදුරු කුමන්ත්‍රණයේ” පොලිස් පරීක්ෂණ අවසන්.

temple treesජනාධිපතිවරණයට පසුදා අලුයම අරලියගහ මන්දිරයේ සිදුවූවා යැයි පැවසෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අවසන් කර නීතිපති උපදෙස් සඳහා යවා ඇති බව නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවට පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා නීතිපතිවරයා ලබාදෙන උපදෙස් මත මේ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියේය.

ජනාධිපතිවරණයට පසුදා අරලියගහ මන්දිරයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් වූ බව පවසමින් විශාල ප්‍රචාරයක් ගෙනගිය බවත්, එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට ලක් වූ බවත් සන්ධාන මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසී ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.