අර්ජුන් ගේ බෑනා මුල්‍ය සවාරියේ ……..

arjun-son-in-lawමහ බැංකු බැදුම්කර සිද්ධියෙන් පසුව රුපියල් බිලියන 5ක් පමණ ලාභයක් ලබාගත් Perpetual Treasuries සමාගම එම මුදල් වලින් කුමක් කලේද යන ප‍්‍රශ්නය පිළිබඳව තොරතුරු දැන් හෙළිදරව් වෙමින් පවතී. සමාගම පසුගිය කාලය තුලදී තමන් ලබාගත් මේ අයුතු ලාභය වෙනත් මූල්‍ය ආයතන වල ආයෝජනය කරන්නට පටන් ගෙන තිබේ. මෙම මුදල් ප‍්‍රධාන වශයෙන්ම ආයෝජනය කොට ඇත්තේ ජාතික සංවර්ධන බැංකුවේය. ඔවුන් ජාතික සංවර්ධන බැංකුවේ රුපියල් බිලියන 1.6 ආයෝජනය කොට ඇත. ඔවුන් මේ සිදු කොට ඇත්තේ Perpetual Treasuries සමාගමට සම්බන්ධ Thurston Investment නම් සමාගමක් හරහාය. මේ අතර වාරයේ ඔවුන් සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් ආයතනයේ ආයෝජනය කොට ඇත. Perpetual Treasuries සමාගමේ කොටස් කරුවන් වන්නේ ජෙෆ්රි ජෝසෆ් ඇලෝෂියස්, චිතා රන්ජන් හුළුගල්ලේ, අජාන් පුංචිහේවා සහ හෙට්ටියාදුර ශිරාන් සංජීව ප‍්‍රනාන්දුය. අර්ජුන් ඇලෝෂියස් Perpetual Treasuries සමාගමෙන් 2015. 01. 16 ඉල්ලා අස්වුවත් ඔහු මේ සමාගම සමග සෘජු සම්බන්ධයක් පවත්වා ගනිමින් මේ සමාගම ලැබූ මුදල් ආයෝජනය කිරීම සඳහා කි‍්‍රයාකාරීව දායක වී ඇති බව පෙනෙන්ට තිබේ. දැන් මතුව තිබෙන ප‍්‍රශ්නය වන්නේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පියවර ගන්නේ කවදාද යන්නයි………….

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.