අර්ජුන් වෙනුවෙන් සේනසිංහ

Sujeewa Senasingheහිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කරන සුජීව සේනසිංහ කටයුතු කරන්නේ කාගේ වුවමනාව වෙනුවෙන් දැයි මාධ්‍යවේදීහු ප්‍රශ්න කරති. බැඳුම්කර වංචාවේ සැලසුම්කරු අගමැති රනිල් වික්‍රමසිංහ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසනයක විසින් පවසා තිබේ.

මාධ්‍යවේදීන් කැඳවා ප්‍රශ්න කළ යුතු බව

සේනසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් කමිටු රැස්‌වීමේ තොරතුරු මාධ්‍යවල පළකිරීම සම්බන්ධයෙන් එම මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කැඳවා ප්‍රශ්න කළ යුතු බවයි.

ඔහු එහිදී මෙසේද කියා සිටියේය.

“කෝප් කමිටුව මාධ්‍යයට විවෘත නෑ. මාධ්‍ය ආයතන එහි කටයුතු ප්‍රකාශයට පත්කිරීම ගැන ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් කැඳවීමේ බලය කෝප් කමිටුවට තියෙනවා.”

එහිදී නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මේ ගැන කෝප් සභාපතිතුමා සමඟ සාකච්ඡා කරන බව සඳහන් කළේය.

යල්පැන ගිය නීතියක්

මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට කැඳවීම යල්පැන ගිය නීතියක් බව එක්සත් කතිකා පක්ෂය මීට පෙර පිළිගෙන තිබේ.

ගෙදරට

විදේශගතවීමට පෙර කෝප් කමිටු සාමාජිකයකු වන උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය 27 වැනිදා පෙරවරුවේ අමාත්‍යවරයාගේ කොල්ලුපිටියේ සෙල්ෆිගාර්ඩ්න්හි පිහිටි නිවසට මහේන්ද්‍රන් මහතා ගොස් ඇති බව වාර්තා වේ. ඔහු එසේ අමාත්‍යවරයාගේ නිවසට ගොස් ඇත්තේ යම් විශේෂ ලියවිල්ලක් ලබාදීමට බවද පැවසේ.

සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා මුල් කෝප් කමිටු සාමාජිකයින් අතරේ නොසිටි අතර ඔහු පසුව කමිටුවට නම් කෙරුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.වේලුකුමාර් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩූවටයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.