අර්ජුන :දැන් ඇති නේද?

 

 

arjunaඅර්ජුන රණතුංග  එළැඹෙන ක්‍රිකට්  නිලවරණයේදී  උපසභාපති ධුරය තනතුර සඳහා නාම යෝජනා භාර දී තිබේ .

 

නිශාන්ත රණනතුංග සභාපති තනතුර තරඟ  වදී. දෙදෙනාම පත් වුනනොත් රණතුංග පවුලට තවත් පියවරක් පෙරට ය හැකිය

අර්ජුන රණතුංග නම යෝජනා භාර දුන්නේ ඉල්ලිමක්/අභියෝගයක් කරමිනි.

ජනවාරි 15 වැනිදා සිට ක්‍රියාත්මක ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව සූදු ව්‍යාපාරයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ නම්, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක වෘත්තීමය ජනමාධ්‍යවේදියෙකු හෝ එවැනි ජාලයක අයිතිකරුවෙක් වේ නම් සහ ක්‍රීඩා භාණ්ඩවලට සම්බන්ධ නම් එවැනි  පුද්ගලයින්ට ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි හෙයින්

මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩලයේ(ICC) උපදේශනයක් ගන්නා මෙන් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ගෙන් ඉල්ලා සිටියේය.

මේ වහෙන් ඔරෝ භාෂාවෙන් තිලංග සුමතිපාල දවාලීමට ගන්නා උත්සාහයකි.මේ උත්සාහය හේතුවෙන් ශ්‍රි ලංකාවේ කුණුගොඩක් ජාත්‍යන්තරයට යොමු කිරීමකි.

තිලංග සුමතිපාල තරඟයට සුදුසු නැති නම් ක්‍රීඩා ඇමතිවරයාට ඒ බව කියා සිටීමට කොන්දක් තිබිය යුතුය.

“රටෙන්ම මට ලොකු ඉල්ලීම් කළා ක්‍රිකට් සභාපතිවරයා හැටියට එන්න කියලා. නමුත් සභාපති හැටියට එන්න බැරි වීමට එක ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ආයතනයේ තියෙනවා නීතියක් සභාපති ධුරයට තරග කිරීමට නම් විධායක සභාවේ අවුරුදු දෙකක් සේවය කළ යුතුයි කියලා. මට ඕනේ නම් තිබුණා ක්‍රීඩා ඇමතිතුමාට කතා කරලා ඒ අවසරය ලබාගන්න. නමුත් අපි ජනවාරි 08 වැනිදා මේ යහපාලන ආණ්ඩුව හැදුවේ අපිට සුදුසුකමක් නැත්නම් ඒ සුදුසුකම ඇමතිවරයාට හෝ අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට හෝ  කියලා කරගන්න නෙවෙයි. ඒ නිසා මම හිතුවා එම සුදුසුකම සපුරා ගැනීම සඳහා මෙවර උපසභාපති ධුරයට ඉදිරිපත් වෙන්න.  යැයි පැවසූ අර්ජුන රණතුංග ක්‍රිකට් මහ පුටුව අල්ලා ගැනීමට පෙර හුරුවක් ලෙසින් ඡන්දයට ඉදිරිපත් වෙන බව කියා සිටියේය.

 

Main-cartoon-02_06_2010

මේ තරඟයේ ප්‍රතිවාදියා වන තිලංග ගේ වාර්තාවද හොඳ එකක්  නොවේ. අර්ජුන-තිලංග ගැටුමෙන් ක්‍රිකට් පරිපාලනයට නරකක් මිස් හොඳක් නොවේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුල මහත්තුරු රැසක් බිහි වී ඇත.

සිදත් වෙත්තමුනි  ,රොෂාන් මහනාම,රංජන් මඩුගල්ලේ,මයිකල් තිසේරා,අනුර තෙන්නකෝන් වැනි සුපිරි ගුණයෙන් යුතු ක්‍රිකට් පරිපාලකයෙක් පත් කර ගැනීමට කාලය එළඹ ඇති අතර-අර්ජුනට මෙන්ම තිලන්ගටත් කීමට ඇත්තේ දැන් ඇති කියාය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.