අර්ථ සාධක ණය අය වැයෙන් අහෝසි කළාද .. කම්කරු ඇමති රවීගෙන් අසයි…

Ravi Karunanayakeසේවක ආර්ථ සාධක අරමුදල ඇපයට තබා සියයට හැත්තෑ පහක පමණ ප්‍රමාණයක් ණය මුදලක් ලෙස ලබා ගැනිමට සේවකයන්ට තිබු අවස්ථාව මෙවර අය වැයෙන් අහෝසි කළේ ඇයිද යන්න තමන් නොදන්නා බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා ඇමති ඩබ්ලිව්. ඩි. ජේ. සෙනවිරත්න පාර්ලිමේන්තුවේදි ඊයේ (15) ප්‍රකාශ කළේය.

සේවක අර්ථ සාධක අරමුදල යටතේ සිටින ලක්ෂ විසිපහක් පමණ වන සාමාජිකයන්ට හිමිව තිබු මෙම වරප්‍රසාදය අහෝසි කිරිම පිළිබඳව කරුණු පැහැදිලි කිරිමක් කරන ලෙසද ඇමතිවරයා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළේය.

සියයට හැත්තෑ පහේ ණය මුදල අහෝසි කළ ද සේවක ආර්ථසාධක අරමුදලෙන් නිවසක් ඉදිකිරිම, ඉඩමක් මිළට ගැනිම හෝ නිවසක් අලූත්වැඩියා කිරිම සඳහා සියයට තිහක ණය මුදල්ක් ලබා ගැනිමට තවදුරටත් සාමාජිකයන්ට හැකියාව ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

අය වැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදයට එක් වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.