අල්ලස් කොමිසම හැටට හැටේ

 

 

abee0133419897644cdd0d67e321dca9d9255dfed33569ec4c59d8177345c5f0

 

අලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තම ගම වේගවත් කොට ඇති බවක් පෙනේ.මේ වන විට අල්ලස් කොමිසම ප්‍රධාන පෙළේ මර්මස්ථාන කීපයකට උපාය දුතයින් පිටත් කොට යවා ඇත. මේඅනුව  ඉදිරි දින කීපය තුල වැටලීම් සහ ඇත අඩංගුවට ගැනීම් සිදු විය හැකිය.

 

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මෙමහත් පරිශ්‍ර‍මයක් දැරීමෙන් පසුව නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානධිපතිවරයා අත් අඩංගුවට ගනු ලැබීය.

රුපියල් ලක්ෂ 25 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියේ හිටපු ස්ථානාධිපති උපුල් ධම්මික ගුණතිලක අල්ලස් කොමිසමට අවශ්‍යව සිටියේය.  ඔහු සතියකට වැඩි කාලයක් අල්ලස් කොමිසමෙන් කට්ටි පනිමින් සිටියේය.

නාරාහේන්පිට පොලිසියට වාර්තා වී තිබූ කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව පැමිණිල්ලට අදාලව සැකකරුවෙකු අත්අඩංගුවට නොගෙන සිටීම සදහා රුපියල් ලක්ෂ 75 අල්ලසක් ඉල්ලා ඉන් ලක්ෂ 25 ක් අල්ලස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් මෙයට පෙර නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුගතපාල නැමැත්තා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත් විය. වැඩි දුර විමර්ශන වල දී අනාවරණය වූ වේ හිටපු ස්ථානාධිපති උපුල් ධම්මික ගුණතිලක ද මෙයට සෘජුව සම්බන්ධ බවයි.

 

මේ අතර වාරේ අල්ලස් කොමිසම මහ අධිකරණයේ නඩු දෙකක් පවරා ඇත.

(01).     හපුතලේ කම්කරු කාර්යාලයේ කම්කරු ක්ෂේත්‍ර නිලධාරියකු ලෙස සේවය කළ “ප්‍රසන්“ ගලහිටියාව පාර ගස්වත්ත, බණ්ඩාරවෙල යන ලිපිනයේ පදිංචි අමුදමන ආරච්චිගේ නිමල්     රෝහණ සෝමවර්ධන යන අය විසින් වියලගොඩ ආරච්චිලාගේ ප්‍රසන්න රොෂාන් කැලිස්ටස් ජයසේකර යන අයගෙන් 2009.07.24 දින රු. 15,000.00 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රු. 10,000.00 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාව යටතේද,  වරදට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ හපුතලේ කම්කරු කාර්යාලයේම සේවය  “ලක්ෂ්මි“ ජයසිරි මාවත, පොතුවිල්පාර, මොණරාගල යන ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ කරුණාතිලක යන අයට එරෙහිවද 2015.12.02 දින කොළඹ     මහාධිකරණයේ  නඩු පවරන ලදී.

(02).    හම්බන්තොට කෑලියපුර ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරි වශයෙන් සේවය කළ – වැවගාව වත්ත, උඩමාල, හම්බන්තොට යන ලිපිනයේ පදිංචි බතීගම ගම්ආචාරිගේ කුලරත්න යන අය විසින්  නිවසකට විදුලි බල සම්බන්ධතාවය ලබා ගැනීමට අවශ්‍ය කරන ග්‍රාම නිලධාරි නිර්දේශය ඇතුලත් වාර්තාව නිකුත් කිරීම සදහා 2014.03.06 දින කුලිප්පු ආරච්චි ලියනගේ අරුණ සම්පත් යන අයගෙන් රු. 25,000.00 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව යටතේ 2015.12.02 දින කොළඹ මහාධිකරණයේදී නඩු පවරන ලදී

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.